2 පරිච්ඡේදය ☁️💛

35 8 12
                                    

'ආ මේ තේක බොන්න'

නාලා කොන්ඩෙ පිහද පිහද ඉදපු මම ගැස්සුනෙ පිටිපස්සෙන් ඇහුන කටහඩෙන්..

'ආ අම්මා...'

ඇවිත් තිබුනෙ අම්මා.හිටියෙ මේ ලෝකේ සිහියෙන් නෙමෙයි නිසා මට කටහඩ අදුරගන්න බැරි උනා.කොහොමත් මන් ගොඩක් වෙලාවට ඉන්නෙ මේ ලෝකේ සිහියෙන් නෙමේනේ...

'මොකද ගැස්සුනේ...?'

මගේ මූනේ වටේම ඇස් යවපු අම්මා ඇදෙන් වාඩි උනේ තේක මගෙ පැත්තට දික් කරන ගමන්..

'ගැස්සෙන්නැද්ද ඉතින් එකපාරටමහොල්මන වගේ ඇවිත් බය කරාම..'

කොන්ඩෙ ගසලා අම්මා ලගින්ම වාඩි උන මන් කිව්වෙ අම්මගෙ ඇගට හේත්තුවක් දාන්..

'කොහෙද මේ මොහොතෙ නෙමේනේ ජීවත් වෙන්නෙ ඔයාලා ඉතින්..හීන ලෝකවලනෙ ඉන්නෙ....'

අම්මා නෝක්කාඩුව පටන් ගත්තේ මන් තේකෙන් උගුරක් බොන්න ගද්දි..

'මේ ඔන්න ආයිනම් ඔච්චර හවස් වෙනකම් බීච් එකේ ඉන්න බෑ හොදේ..අප්පච්චි හවස කතා කරද්දිත් ඔයා ගෙදර ඇවිල්ලා නෑ.මන් යන්තමින් බේරගත්තා මට කියලා ගියෙ කියලා...'

අද බීච් එකට ගිහින් එන්න වෙනදට වඩා පරක්කු උන එකටයි අම්මා මේකියවන්නෙ.වෙනදට වඩා වෙලාවක් මන් බීච් එකේ හිටියා කියලා මටත් නොතේරුනා නෙමෙයි ඒත් ඒකට හේතුවක් තිබ්බා.

වෙනදා වගේ බීච් එකට ගිහින් කඩලයක් කකා තැඹිලි පාට වලාකුළු බලන්න තරම් හිතක් නොතිබ්බෙ හප්පන්න ගිය බයිසිකල් කාරයා මුලු හවස් වරුවෙම හිතේ හොල්මන් කරපු හින්දා.අඩුම මූනක්වත් ඒ මනුස්සයගෙ නොපෙනුනෙ දාන් හිටපු කලු ෆුල් ෆේස් හෙල්මට් එක නිසා.ඒත් කටහඩ හුරුපුරුදු බවක් දැනුන නිසා කව්ද ඒ කියන එක මගෙ හිත මගෙන්ම ඇහුවා.එක අතකට මට මොකද අනේ? තනි කලු ඇදන් හැටි විතරක්! මහ රෑක එහෙම දැක්කොත් නම් හැප්පිලාම තමා අවසන් ගමන් යන්න වෙන්නෙ.ඇයි හත් දෙයියන්නෙ කලුම කලු බයික් එකයි කලුම කලු ඇදුනුයු හෙල්මට් එකයි එක්ක මහ රෑක පේයියෑ...

ඔය ඉන්න ගමන් මගෙ කල්පනාව බිදුනෙ ෆෝන් එක රින් උන නිසා....අවිනාශ්!

නෙත්මානෙමWhere stories live. Discover now