දෙවන පරිච්ඡේදය

19 4 0
                                    

"ඇයි තමන්ටම රිද්දගන්නෙ මගේ අධීරා...."

ඇය ඇවිත්.....

නමුත් ඈ විමසන විටත් මගේ අතේ හම පසාරු කරගෙන බ්ලේඩ් තලයක් කිදා බැස අවසන්....

"තමන්ටම රිද්දගෙන මොනවද හොයන්නෙ මගේ අධීරා.... ඔයාට රිදෙනකොට මට ඊට වඩා රිදෙවනෙ.... මගේ අධීරා මෙහෙම දුක් විදිනවා දකින්නද මං ආස කළේ ම්ම්ම්ම්...."

තවමත් අත දිගේ පල්ලම් බසින රක්ත රුධිරය දෙස බලමින් ඈ මගෙන් ප්‍රශ්න කළා...

"මට බැහැ රත්තරනේ... තවත් නම් බැහැ... උබ එක්ක ජීවත් වෙන්න හීන මවපු ජීවිතේ මෙහෙම කාලකන්නි වෙන්න දෙන්න බෑ රත්තරනේ... මං දරාගන්නෙ කොහොමද රත්තරනේ... මට හරි වේදනයි මැනිකේ... අනේ මාවත් එක්කන් පලයන් උබ ඉන්න තැනකට මාවත් එක්කන් පලයන් රත්තරනේ...."

කුඩා දරුවෙක් මෙන් ඇගේ තුරුලට පනිමින් ඇගෙ උනුහුම සෙවුවත් මට ඒ උනුහුම දැනුනෙ නෑ...

ඈ තවමත් මා දෙස බලන්.....

මං ආසම සිනහවත් සමගම.....

හිනාවෙනකොට වල ගැහෙන කම්මුල්....

හීනී වෙන දිගැටි බේබි බ්ලූ පැහැති ඇස් තෙත්වෙලා ලාවට කදුලු පටලයක් බැදිලා....

මා නැවතත් ඈ වැලදගැනීමට උත්සහා කළා...

ඒත් නැහැ....

නැවතත් මා ප්‍රතික්ශේප වුනා...

අවැසි නමුත් වැලදගැනීමක් නැති වීමම මා තවත් නොසන්සුන් කළා....

"අනේ රත්තරනේ... යන්නෙපා... වදින්නම්....අනේ.... අ-නේ මැනිකේ.... එපා.... මාව තනි කරන්නෙ-පා...."

ඉකි ගගහම මං ඇඩුවා....

සිමෙන්ති පොළොව බදාගෙන ඇඩුවා....

බිම දිගේ බඩ ගාගෙන වැටි වැටීම ඈ පස්සෙන් දිව ගියා....

පොළොවේ හැපි හැපී හඩා වැටෙමින් ඇයට නවතින්න කිව්වා....

දාලා යන්නෙපා කිය කිය නොවදිනා වැදුම් වැන්දා....

ඒත් නෑ....

ඇගේ කිසි වෙනසක් නෑ.....

තවමත් ඒ සිනහවමයි.....

ඒ සිනහවමින්ම ඈ මා දෙස බලා සිටිනවා....

"පරිස්සමෙන් මගේ අධීරා.... මං ආදරෙයි...."

"එපා.............. අන්-නේහ්....."

ඒත් එක්කම මට දැනුනා කවුරුහරි මා තදකර අල්ලාගත් බව....

කිහිප දෙනෙක්ම.....

තප්පර ගානක් ඇතුලත දැනුනු නිදිබර ගතියත් එක්කම හැමදේම අදුරු වීගෙන ගියා....





"කරපු පව් විදවනකොට ඔහොම තමයි.... මුන් නිසා අපිටත් පුදුම වදයක් වෙලා තියෙන්නෙ...ශිට්..."

"මොන පිස්සු ගෑනියෙක්ද මංදා ඩොක්ටර් කියලා ගියපු නිසා බලනවා මිසක්කා මුන් නම් මැරුනත් බලන්න හොද නෑ... තිරිසන්නු..."

ඇස් පියවෙන්න සුලු මොහොතකට පෙර මට ඇහුනේ එච්චරයි....

සීතල පොළොව සිපගත් මට එහෙමම සිහි නැති වුනා...




____________________________________

ඔයාලට තාම කිසිම idea එකක් නැතුව ඇති කතාව ගැන....
ඉස්සරහට කියවගෙන යනකොට ප්‍රශ්න වලට උත්තර හම්බෙයි.....

හිතෙන දේවල් කමෙන්ට් කරන් යන්න එහෙනම්....

aster_lilum

You've reached the end of published parts.

⏰ Last updated: Apr 17 ⏰

Add this story to your Library to get notified about new parts!

කල්හාර මල් [Ongoing]Where stories live. Discover now