❄️05☃️

1.1K 287 413
                                    

මගෙ දත කටත් එක්ක පූට්ටුවෙලා ගියා....මේකා මුසාවාදි අයිඩලයෙක්........

සීතලයි සීතලයි කිව්වට මේකා එහෙම් පිටින්ම අගල් විසි දේකේ දොර දෙකෙ ෆීසරයක්නෙ  .......

මං අහන්නෙ ඔය තරම් තරහා අරන් මූනටම දොරවහන්න ඕනද.......???

ඒත් ඉතින් මේ මනුස්සයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ...අනිත් මනුස්සයො ට්‍රැක් එකට යන්න කලින් වටේ ඉන්න මිමිස්සුන්ට තමන්ගෙ නම කිය කිය කෑගගහා  චියර් කරනකොට  ඒ මනුස්සයොත් කරන්නෙ තමුන්ගෙ නම කිය කිය කෑගන මිනිස්සු වෙනුවෙන් අත වනන එක...කෘතග්ඥ හිනාවක් දෙන එක....

ඒකට මේ මනුස්සයා කරන්නෙ  ආවා....ට්‍රැක් එකට යන්න කලිනුත් අත් කකුල් වල මසල්ස් තව ටිකක් බුරුල් කරන් අර ඕඩියන්ස් එක දිහා නොබල ඉන්න බැරි කමට බලලා කටකොනින් හොයන්න බැරි හිනාවක් දීලා ට්‍රැක් එකට ගියා කරන්න ඕන වැඩේ කෙරුවා ආයම ආවා

අනික වෙන උන් දින්නම කොච්චර සන්තෝස වෙනවද.....අපරාදෙ මේකට පෑන්ස්ලා " නෙස්ටො" කියලා නික් නේම් එකක් දීලා තියෙන්නෙ........නෙස්ටො කියන නම ලියපු බෝර්ඩ් එක උස්සන් කෑ ගහනවටත් පාඩුයි....ඇයි ඉතින් දින්නා කියලවත් නෑනෙ බුම්බගන ඉන්නවා....මහ මොකෙක්ද මන්දා......හිතුනොත් තකහනක් මං නාපෝලි ගිහින් ලංකා කඩේකින් මේකට සිග්නල් දත් බේත් එකක් අරන් දෙනවා....දීලා කියනවා

සිනා බෝවේවා.....සිග්නල් කියලා...ඇයි අඩෙ මේ සෝබනෙ උහුලන්න හරි අමාරුයිනෙ............


ඉතින් පුංචි ඉලන්දාරියා ....මං කියපු පනිවිඩේ නොකියා මෙතනට වෙලා ඉදන් තනියෙන් කියව කියව උන්නම හරිද මන් අහන්නෙ.....ඇරත් ඔය නියපොතු කන එක ඒ තරම් හොද දෙයක් නෙවෙ ලමයා...

මේ අනිකා මේ....මට අඩු උනෙ මෙච්චරයි .......මේකට තිබුනනෙ මචන් මට උඹත් එක්ක පොඩි චැටක් දාන්න ඕනා කියන්න..... ඒත් බැරි නම් අඩෙ හවසට සෙට් වෙමුද අහන්න...කොල්ලෙක් උනහම එහෙමනෙ.......අපෙ බාප්පත් එහෙමනෙ ...නෙස්ටමෝල්ට් කාරයාගෙ මේ ප්‍රසිද්දිය හන්දා අපෙ බාප්පටත් සෑහෙන්න දේවල් සීමා කරලනෙ...ඉතින් බාප්පට ඉන්න එකම යාලුවත් මම විතරනෙ ...ඔය යස අගේට අපේ බාප්පා මට නිවාඩු දාට මැසේජ් දාන්නෙ.......

❄️❄️☃️ WAYFARER ❄️❄️(YIZHAN )Where stories live. Discover now