❄️01☃️

3.7K 518 524
                                    

මේ කතාව පටන් ගන්නෙම තනිකරම සීතලත් එක්ක.....!!

ග්ලැසියරයක් සමතලා කරලා හදාපු සීතල වගේම ලිස්සන සුලු පොලවක් උඩ........!!!

මේ යන්නෙ සතිඅන්තෙ දවස්.......හිම පියලි වැටිලා වැටිලා අවසානෙදි සීතල සිසිර සමයෙ අහවර වෙන්නත්.....වස්සාන කාලෙට දොර ජනෙල් ඇරෙන්නත් පටන් ගන්න කාලෙ කිව්වොත් හරි......වෙලාව ගැන කිව්වොත් හරියටම උදේ දහයෙ කනිසම පහු වෙලා එකොලහට කිට්ටුයි........

එලියෙ කොහෙන් හරි ඇහෙන නෑහෙන ගානට indila ගෙ love story එක දාලා තිබුනා ......

ඒකත් මහ අමුතු හැගීමක්.......ලාවට එන සීතලත් එක්කත් එක්ක මේ සින්දුවත් එක්ක මට මතක් වෙන්නෙම යුසුරුව........

මං හිතන්නෙ මං මේ ඇරියෙ පස් වෙනි හරි හයවෙනි හරි ඈනුම...........අඩමානෙට තියන සීතල යන්නත් එක්ක දෙතුන් වතාවක් කෝපි එකක් බිව්වත් මොකද මට දැන් නිදිමත.....

කෝපි බිව්වම නිදිමත නැතිවෙනවා කියන්නෙ මොකාද මන්දා ...කෝපි බිව්වම මට වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත........කට කපල නින්ද යනවා...එක්කො මගෙ ආහර බහිස්‍රාවිය මාර්ගෙ කොන්ක්‍රීට් වෙලා යනවා.........

මං නිදා වැටුනා.....හිතට ආසාව කියන එක ඇත්තෙම නෑ.......මං ඉගන ගන්නවා...voices actor කෙනෙක් වෙන්න......

Voice actor කෙනෙක්......ඇත්තටම මගෙ තුන් හිතකවත් තිබුන් නැති හීනයක්..ආසාවක්....ඇනිමියක් බැලුවට....කතාවක් බැලුවට...මගෙ තුන් හිතකවත් මං කවදාවත් හඩ නලුවෙක් හඩ කවන්නෙක් වෙනවයි කියන තීරනෙ ගෑවිලා වත් තිබුන් නෑ......

ඒකට පලවෙනිම කාරනාව මගෙ අප්පා හඩ නලුවෙක්.....මං මගෙ අප්පගෙ හරිම කටහඩට අමතරව තව හඩවල් සීයකින්න් විතර අහල තියනවා.....කොටින්ම මගෙ අප්පට අම්මා විදිහට පවා කතා කරන්න පුලුවන් ...ඉතින්...පවුලකට මොකටද හඩ නලුවො දෙන්නෙක්.........

මගෙ අප්පා හඩ නලුවෙක් වෙනකොට මගෙ අම්මා ප්‍රසිද්දම ඉස්පිරිතාලෙක ප්‍රසිද්ද ඩොක්ටර් කෙනෙක්....!

!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❄️❄️☃️ WAYFARER ❄️❄️(slw Update )Where stories live. Discover now