❄️08☃️

1K 290 284
                                    

ආලෙලූයියා......ආලෙලූයියා........

මාව නිකන් පිච්චෙනවා වගේ.....

අහේතුකයි.........වේදනාවක්ද කියන්න නොදන්න වේදනාව හරියටම අවුලපු ගිනිකූරකින් කොනක ඉදන් පිච්චීගන එන කොලයක් ගිනි ගන්නවා වගෙ  මගෙ  හදවත ගිනිගන්න ගත්තා........

එයාගෙ ඒජන්සි එකෙන් කම්ෆර්ම් කරලා.........එයාගෙ ආදරෙ ගැන ලෝකෙටම කියලා අහවර කරලා.....

ඒකත් එහෙමයි...ඔක්කොටම වඩා නරක දේ....මෙච්චර කල් එයාට ආදරෙ කරපු ෆැන් බේසම........ගෙවුන තත්පර ගාන ඇතුලත එයාව අතාරින්න පටන් අරගන තිබුනා....

මට රිදෙන්නෙ එයා ඩේටින් කියන එක කම්ෆර්ම් කරපු නිසාද ඒත් නැත්තන් මෙච්චර කල් එයාට පන දෙන්න කමෙන්‍ට් කරපු එයාගෙ හැම ශෝ එකකටම අතුරු සිදුරු නැතුව පිරෙන්න හිටපු ප්‍රේක්ශකාගාරෙ ගිනිගන්න ගත්ත හන්දද....??

හේට් කමෙන්ට්ස්...හේට් කමෙන්ට්ස්.....!!

අහවරක් නැතුවම තිබුනෙ හේට් කමෙන්‍ට්ස්.....!!

ඉන්නෙ පල්ලියෙ ..........මට එකම දිගට ඵෝන් එකට එබීගන ඉන්නත් බෑ......ඒත් මේ වචන දැක්කම මට කෑගහලා බනින්න හිතෙනවා "තොපි උන්නෙ ඒ මනුස්සයගෙ ගෑනි වෙන්න බලාගනද කියලා "

සමහරක්ගෙ කමෙන්ට්ස් වල තිබුනෙම නෙස්ටෝරිට එ කෙල්ල ගැලපෙන්නෙ නෑමයි කියලා .....අහවරක් නැතුවම කෙල්ලගෙ මූනෙ රූපෙ උසෙ මහතෙ  හෑලි විතරමයි........

මට අදාල නෑ කොච්චර සීතල නීරස මනුස්සයෙක් උනත් මගෙ බාප්පා ජීවත් වෙන්නෙ මේ මනුස්සයා හන්දා කියන කාරනාව වගේම  ඒ ඉන්නෙත් මනුස්සයෙක්.....අයිඩල් කෙනෙක් නෙවෙ ඕන යටිබඩක් උන දෙන් මේ මනුස්සයටත් අපිට දැනෙන දුක සතුට වේදනාව තනිකම පාලුව විතරක් නෙවෙ ආදරෙ විරහව බඩගින්න මහන්සිට මේ ඔක්කොම දැනෙනවා යකුනෙ කියලා හෑල්ලක් කොටන්න හිතුනා....

රසිකයෙක් උන පලියට කොහොමද මිනිස්සු ඔහොම හැසිරෙන්නෙ. .අනික සමහරු අදින් පස්සෙ එයාගෙ රසිකයෙක් නෙවෙ කියලා දාලා....ඒකියන්නෙ මුන් හිතන් ඉදලා තියෙන්නෙ නෙස්ටෝරිව බදින්නද..........??

දෙවියන්ට ඔප්පු වෙන්න මුන් හැමෝටම පුකේ ඉදන් පිස්සුද කොහෙද ......??යකො අයිඩල් වෙනයි තමන්ගෙ පුදගලික ජීවිතෙ වෙනයිනෙ...මුන් හිතන් ඉන්නෙ අයිඩල් කියන්නෙ මුන්ගෙ පුද්ගලික වස්තුවක් කියලද .....

❄️❄️☃️ WAYFARER ❄️❄️(slw Update )Where stories live. Discover now