❄️07☃️

1K 278 182
                                    

මගෙ අත හිල් වෙලා ගිහින්.....කිව්වට විස්වාස කරන්න එයාගෙ ඇගිලි පහම මගෙ අත් ගොබේ පසාරු කරන් ගිහින් තිබුනා....

මට හුස්ම පවා හිර උනා.....අතක් පසාරු කරන් ඇගිලි පහක් බහිනවා.කියන්නෙ මොන තරම් වේදනාවක්ද......වේදනාව ඉහවහ ගියත් මොකද මං උන්නෙ උභ්භතෝකෝටිකේකට අහුවෙලා........

මේපල් පාට ඇස් වල කනිනිකාව ගැහෙන තරමට මං හිතුවෙම ඇස් දෙක පුපුරයි කියලා......එයාට තිබුනෙ කහපාටත් තැඹිලි පාටටත් හුරු මේපල් ඇස් දෙකක්...ඒත් මෙතන...මෙතන ඒ ඇස් සම්පූරනම වෙනස්...ගිම්හාන ඍතුවේ රතේ රත ගහන මේපල් කොලයක් හා සමානව ඒ ඇස් රත ගහලා තිබුනා......

ඒ මූන කට පවා සුදුමැලි වෙලා ගිහින්.....හරියටම ඇගේ තියන අවසානම ලේ බින්දුවත් පිටතට කාන්දු වෙලා ගිහින් වගේ   ...

ඇදන් උන්න ඇදුම් පසාරු කරගන එයාගෙ අත් ගොබ එලියට මතුවෙලා තිබුනා....

නෙස්ටෝරි කියන්නෙ හයිය තිබුනත් සාමාන්‍ය ඇගක් තිබුන මනුස්සයෙක් මිසක් මහාලොකුවට අත් ගොබ පිම්ඹුන සික්ස් පැක් ඕනාවට වඩා කැපිලා පෙනුන කෙනෙක් නෙවෙ...........

අනිත් පැත්තෙ  කාර් එක........කාර් එකේ දොර ඇතුලට ගිලා බැහැලා...වීදුරුව කුඩු පට්ටම් වෙලා....වැටුන ෆයින්ස් ගහෙන් අඩක්ම තිබුනෙත් කාර් එක උඩ...ඒත් මේ තැල්ම ගහ වැටුන හන්දා හිටපු එකක් නෙවෙ....

වේදනාවයි ...අත ඇදුම් කනවා..ඒත් අඩාගන්නවත් මට හිතාගන්න බෑ...මගෙ මොලේ සඥ්ඥා යවන එක නවත්තලා...කොටින්ම මගෙ පාලුව මකන මා එක්ක නිතර දෙවේලෙ කතා කරන ඔලුව අස්සෙ ඉන්න මනුස්සයා පවා අතුරුදහන් වෙලා.........


මගෙ ඇස් බොද වෙනවා....එන්න එන්න එයාගෙ ඇස් වල රතුගතිය වැඩි වෙනකොට මගෙ ඇස් බොද වෙන්න ගත්තා වගේම ජීවිතෙ කිසිම දවසක නොදැනුන තරමෙ නිදිමතක් එක්ක මට මගෙ සර්වාංගෙම පන නැතිව යන ගතියක් දැනුනත් මේ ඉන්නෙ එයා නෙවෙමයි කියලාමගෙ යටි හිත එකහෙලාම කියන මොහොතක මං මගෙ වෙව්ලන අතින් එයාගෙ මූන අත ගෑවා....ඒ කම්මුල උඩින් මගෙ අත තිබ්බා....

ඔ..ඔයා...ගාව.....බ්...බෙරි....සුවදයි...........ඔ..ඔයා......ක්...ක්..........................................ව්...........ද....?,ඔ.ඔයා.....ක්..කව්....ද.........?

❄️❄️☃️ WAYFARER ❄️❄️(slw Update )Donde viven las historias. Descúbrelo ahora