• විසිහත් වන දිගහැරුම •

Începe de la început
                                    

ඩොක්ටර් ගිය එකේ ආයේ බොරුවට අඩන්න ඕනේ නැති නිසා තීනු තමන්ගේ කදුලු පිහිද ගන්න ගමන් ඇදේ සිහිය නැතුව ඉන්න යුගාන් ගාවට ලං උනා . යුගාන්ගේ කන අස්සට ඇගිල්ලා දාලා කරකවපු තීනු බැලුවේ එහෙම කලාම වත් යුගාන්ට සිහිය එයිද කියලා . ඒත් තීනුගේ ගොන් වැඩේ නම් හරි ගිය පාටක් පේන්න තිබුනේ නැහැ . ආදරේ නාමෙන් පැත්තක තිබුනු පුටුවක් අර ගෙන තීනු යුගාන් ගාවින් වාඩි උනා .

" තෞසෙට ගලින් කෙලින්න හිතුවේ නැහැ මං .. ඒත් කොහෙද උබ මෙතන මගේ අවසන් කටයුතු කරලා දාන්නනෙ හැදුවේ ...
හැබැයි යුගාන් උබට අද දවස ඇතුලත සිහිය ආවේ නැත්තම් මම වෙන කෙල්ලෙක්ව සෙට් කර ගන්නවා උබ දන්නවනේ මගේ හැටි !! "

" මොකක්ද උබ කියන්නේ දැන් ??? "

සිහිය නැතුව ඇදේ පත බෑවිලා හිටපු එකාට එක පාරටම පොල්ලෙන් ගැහුවා වගේ සිහිය ඇවිත් කතා කරද්දි තීනු ගැස්සලා ගියා . තීනුට රවා ගෙනම යුගාන් වෝඩ් එකේ තියෙන ඇදට හේත්තු වෙද්දි තීනු තමන් වාඩි වෙලා හිටපු පුටුව යුගාන්ගේ දිහාවට හරව ගත්තා . දෙන්නා දෙන්නට රව රව හිටියා මිසක් වෙන වැදගත් දෙයක් නම් කලේ නැහැ .

යුගාන් නිකන් උගුඩුවා වගේ තීනුට රවද්දි තීනුට හිතුනේ තවත් ගල් භාගයක් අරන් යුගාන්ගේ මූණටම කෙලින්න . තීනු යුගාන්ට ඇද කරලා අහක බලා ගනිද්දි යුගාන් තීනුගේ අතකින් ඇදලා ගත්තු පාර තීනු කෙලින්ම හිටියේ යුගාන්ගේ පපුව උඩ . තමන් මේ ලෝකේ අකමැතිම මනුස්සයා එක්ක ඉන්නවා වගේ තීනු දගලන්න ගද්දි යුගාන් හිමින් සැරේ තීනුගේ ඉන කෙනිත්තුවා .

" ආව්වා චපල වැඩ කරන්න එපා උබ !! ඔච්චරට අසහනේ නම් කොනිත්ත ගනිම් තොගෙ අහවල් එක "

යුගාන්ගේ අතට පාරක් ගහලා තීනු එහාට වෙද්දි යුගාන් තමන්ගේ අත් දෙකත් හරහට බැද ගෙන තීනු දිහා බැලුවා ඒත් තීනු නම් කලේ ඇහේ පොට යනකල්ම යුගාන්ට රවපු එක .

" මොකක්ද තමුසෙ දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වේ මට සිහිය ආවේ නැත්තම් තමුසෙ කෙල්ලෙක් එක්ක යාලු වෙනවා කියලා "

" සොත්තියා වගේ හිටියට හෙන මීටරේනේ මේකා "

තීනු තමන්ගේ ඇගිලිත් පූට්ටු කර කර ඇහෙන නොහෙන ගානට මුමුණද්දි යුගාන් ඒ දිහා බලලා තමන්ගේ ඇස් හීනි කර ගත්තා .

සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂 Unde poveștirile trăiesc. Descoperă acum