දඬු මොණරු 30

Start from the beginning
                                    

යශ් අයියා ඇවිත් මැසේජ් එකක් දැම්ම නිසා මං ගිහින් කුස්සියේ දොර හෙමින් ඇරලා එයාව ඇතුළට ගත්ත. මල්ලි නම් කාමරේ. මං යශ් අයියගෙ අතින් අල්ලන් කාමරේටම එක්ක ආවා.

"දුවී අය්යලා ගියාද"

"ඔව්, උන් දෙන්න ගියා"

"ඔයා කාලද ආවේ"

"ඔව් බං, කාලා ආවේ, උබ කෑවද"

"තාම නෑ, සෝම නැන්දා බත් එක ගෙනත් දෙනකම් ඉන්න ඕන "

"පරක්කු වෙලාද බත් එක ගෙනත් දෙන්නේ"

"ඔව් ඉතින්,ලොකු නැන්ද කැමති නෑ අපිට වේලාසන බත් ටික එවන්න"

"අනේ මන්දා බං, මට පුළුවන් උනා නම් උබව මෙහෙ තියන්නේ නෑ කීයට වත්. නේත්‍ර ආයෙත් ඉස්කෝලෙ මාරු කරන්න උනොත් කරදරයි නේද. නැත්නම් මං වෙන ඉස්කෝලෙකට පත් වීම අරන් යනවා උබල දෙන්න එක්ක"

"මෙහෙම ඉමු අය්යේ ඉවසගෙන, අපිට මේවා පුරුදුයි"

මං එහෙම කියද්දි යශ් අයියා මගේ නළල ඉබල මාව තුරුල් කර ගත්ත.

"මගේ ලඟට ගත්තම දුක් විදින්න දෙන්නෙ නෑ"

කාමරේ ලයිට් එක නිවලා අපි දෙන්නා කලුවරේ තුරුල් වෙලා හිටියෙ.සෝමා නැන්ද ඇවිත් කතා කරද්දි මල්ලි ගිහින් බත් එක ගත්ත.ඒ එක්කම මමත් එළියට ආවා.මල්ලිට කන්න කියලා අතත් හෝදගෙන මගේ බත් එකත් අරන් කාමරේට ආවා.

"අය්යේ කාලා ආවට කමක් නෑ බත් කමුද, මං කවන්නම්"

"බඩ පිරිලා මැණික.උබ කාපන්.මං කවන්නද"

"ඔයා"

"ම්ම්ම්"

"හා"

යශ් අයියා ගිහින් අත හෝදන් ආවා. මගෙන් බත් පිඟාන අරන් හෙමින් අනල බාත් කටක් කැව්ව. වෙනදට වඩා රසයි. එයා කවන නිසා වෙන්න ඇති.

"ඔයත් කන්නකො අයියෙ"

"බඩගිනි නෑ මැණික"

යශ් අයියා බත් පිඟානම මට කැව්වා. වෙනදට ඉතුරු කරත් අද නම් එයා කවන ඔක්කොම කෑවා.බෑ කිව්ව නම් කොණ්ඩ කුරුල්ලගෙන් හොඳට අහ ගන්න තිබ්බා. ඒ නිසා ඔහේ කෑවා.හුස්ම ගන්න බැරි තරම්, බඩත් උස්ස ගන්න බෑ......

දඬු මොණරු Where stories live. Discover now