°°°දහතුන්වෙනි පරිච්ඡේදය°°°

Start from the beginning
                                    

ඔව් අයියෙ, අනේ පරිස්සමට

හරි රත්තරන් මං තියන්නම්.

බුදුසරණයි අයියෙ

බුදුසරණයි අහී

ඒ කෝල් එක ඉවර වෙලා වෙලාව බලද්දි හතරහමාරයි. හෙට කීවට අවුරුදු උත්සවේ අද. හිතාගන්න බෑ මොනවගේ ප්‍රශ්නයක් වෙන්න යනවද කියල. අභිසෙස් අයිය පරිස්සමට හිටියොත් ඇති. මං දන්නව ඒක ආත්මාර්තකාමි තමා. ඒ උනාට මට අභිසෙස් අයිය ගැන මිසක් වෙන දෙයක් මතක් වෙන්නෑ.. අශ්වින්ට කතා කරන්නත් හදල මං ආයෙම ඇඳට වැටෙද්දි ඇඳේ හෙඩ් බෝඩ් එකේ ඔලුව වැදුන.

ටහුක්-

තරුත් පෙනිල පොඩ්ඩක් එකපාරට ආව කලන්තෙ ගතිය යනකල් මං එහෙම්ම පිළිමයක් වගේ හෙඩ් බෝඩ් එකට ඔලුව හේත්තු කරං හිටිය. ආව් පැලුනද කොහෙද. කොහොමත් තව ටිකකිං නැගිටල සරං කමිස හොය හොය නටන්නෙපැයි. හරි හරි අලුතෙන් ගත්ත තමා. ඒත් වැදුන පාරයි අභිසෙස් අයියගෙ කලබලකාරි කටහඬටයි මට කරන්න තිබ්න වැඩ ඔක්කොම අව්ල් ගියා වගේ දැනුනෙ. මහ වැඩක් කරන්න නෑ අයිය කලබල උනාට කරන්න තියන වැඩ සේරම බෙදල කරලනෙ තියෙන්නෙ. දිගින් දිගටම අභිසෙස් අයිය    අව්ලෙන් කතා කරපු එක මතක් වෙද්දි මං ඔහේ බලන් හිටියා කළුවරට ඇස් හුරු වෙනකල්ම බලන් හිටියා...නින්දක් අහලකටවත් ආවෙ නැති නිසා මං ෆෝන් එක අරන් අශෙල් අයියගෙ මැසේජ් බලන්න තීරනේ කළා... මාස ගානක් පුරාවටම ඌ මට දැම්ම මැසේජ් එහෙම්මමයි. මගෙ යාලුවට රිද්දපු එකෙක් එක්ක මට මොන කතාද?? මං චැට් එක ඕපන් කළා..

01.21
mlli ashwinwa blgnn

01.22
Ashwin scl enw kiwwd mlli?

01.25
Ashwinta wchnyk hri kta krnn kiynn mlli

02.01
Mlli ashwint kiynn mn boruwk kle nh kiyl

බලන් යද්දි දිගින් දිගටම මැසේජ් තිබුන. වෙච්ච දෙයක් හිතාගන්න බැරුව මං ඔහේ හිස් හැඟීමකින් චැට් එක දිහා බලන් හිටියා.. මොනව හිතන්නද මං?? මට මුකුත් හිතෙන්නෑ. මගෙ යාලුවට රිද්දපු එක්කෙනාට අනුකම්පා කරන්නද කියන්නෙ මට? මං එහෙම කරන කොල්ලෙක් නෙමෙයි. අභිසෙස් අයියට අහිංසක කොල්ලෙක් පෙන්නං හිටියට මං එහෙම කොල්ලෙක් නෙමෙයි.

තේව් !Where stories live. Discover now