පළමුවන පරිච්ඡේදය

23 6 3
                                    

"කොහොමද..."

අදත් ඇය ඇවිත්.... මගේ කතාව අහන්න වෑයමක් දරපු එකම කෙනා... මා තේරුම් ගැනීමට වෑයම් කළ එකම කෙනා...

මද සිනහවකින් ඈ හට සංග්‍රහ කළ මම වෙනදා වගේම අදත් මගේ කතාව කියන්න හඩ අවදි කළා....

Flashback

"ආයුබෝවන් ළමයි...."

ඕලෙවල් ඉවර වෙලා ලැබුන පුන්චිම පුන්චි නිවාඩුවට පස්සෙ 12 ශ්‍රේණිය පාසල් වාරය ආයෙමත් පටන් අරන් අදට සති දෙකක් වගේ ගෙවිලා ගිහින්... සාමාන්‍ය විදිහටම පළවෙනි පීරියඩ් එක පටන් ගන්නවත් එක්කම පන්තියට ආවෙ කෙමෙස්ට්‍රි උගන්නන මිස්... ක්‍රීම් පාට සාරියකින් හැඩ වුනු තලෙලු හමක් හිමි තරුන පොඩි මිස් කෙනෙක්... පොඩී කියන්නමත් බෑ ඒත් සාමාන්‍ය උසක් තිබුනු එයා අඩි හයකටත් කිට්ටු මාත් එක්ක බැලුවම හුගාක් පොඩියි...

ආපස්සට ඇයට ආචාර කරපු අපි ආයෙමත් ඉදගන්නකොට....

"අද අලුත් ළමයෙක් ඉන්නවා...."

මිස් කියනවත් එක්කම පන්තියේ දකුනු පැත්තෙන් තිබුනු පුන්චි දොරෙන් ඇතුළට ආවෙ හුරුබුහුටි ගෑනු ළමයෙක්....

හුරුබුහුටි....

ඇයව දැක්ක කිසිම කෙනෙක් එහෙම කියලා නැතුව ඇති.... මං පවා මගෙ සිතුවිල්ල ප්‍රශ්න කළා...

අලුත් ළමයා අදුන්නගන්න උනන්දු වුන අයගෙ මුහුනු ඇය පන්තිය ඇතුළට එනවත් එක්කම අප්‍රසන්න බැල්මකට හැරවුනා... හැමෝම අමුතු අකමැති බැල්මකිනුයි ඇය දිහා බලන් හිටියේ....

ඔව් ඈ අමුතුයි....

ඈ වෙනස්....

නමුත් අප්‍රසන්න වීමට තරම් ඈ අමුතුද??

මං මගෙන්ම ප්‍රශ්න කරනවා....

"ඔයාව හදුන්වලා දෙන්න ළමයෝ..."

මිස්ගේ හඩත් එක්කම ඈ දෙස බලන් උන්නු 'හුරුබුහුටි' ගෑනු ළමයා නැවතත් අපිට මුහුනලා

"ම-මගෙ නම අ-අයුලි.... හමුවීම සතු-ටක්..."

ඈ කලබල වී ඇති හැඩයි....

කල්හාර මල් [Ongoing]Where stories live. Discover now