දඬු මොණරු 29

Start from the beginning
                                    

මල්ලිට ඇත්ත කියන්නත් බෑ,ඌ තඹර අයියට සහෝදරයෙක් වගේ ආදරෙයි. අනික මේ දේ ඌට බර වැඩි.ඒත් ඉතින් යශ් අයියා කිව්ව වගේ පොඩි එකාව ගෙදර තනියම තියන්නත් බෑ. අද ගෙදර ඉන්න එපා කිව්වොත් හේතු අහයිද, මගේ හිතට සැනසීමක් ඇත්තෙම නැද්ද......

මල්ලි උදේ ඇහැරුනාම මං ඌට කිව්ව මං වැඩ ඉවර වෙලා එනකම් හසාලගේ ගෙදර ඉන්න කියල. ඒකා මුකුත් ඇහුවෙ නැති නිසා හොඳයි.තඹර අයියා නිවාඩු එන දවසට විතරයිනෙ ඒකත්. නැත්නම් ඉතින් හැමදාම ගෙවල් ගානේ ගිහින් මිනිස්සුන්ට කරදර කරන්නත් බැහැනෙ.

උදේ වැඩට යන්න එළියට බහින්න හැදුවත් තඹර අයියා මිදුලේ, ඌ නම් අර සිමෙන්ති පුටුවට අරක් ගත්ත කුම්භාණ්ඩයෙක්. ඔළු බක්කා නෙවෙයි මූ කොරවක්කා. ඉස්සරහ දොර ගේ ඇතුලෙන්ම වහල දාලා මං මල්ලිත් එක්කම කුස්සිය පැත්තෙන් එළියට බැහැලා ඒ දොර නිකන් වැහුවා. ගේ පිටි පස්සෙන් හසාගේ ගෙදරට තියෙන චූටි අඩි පාරෙන් අපි එහෙට ගියා. මල්ලි මගෙන් මුකුත්ම අහන්නේ නැතුව කියන දේ ඇහුව එකත් ලොකු දෙයක්, මට මේවා තේරුම් කරල දෙන්න බෑ, යාලුවෙක් එක්ක කතා කරනව වගේ ඒක ලේසි නෑ.......

"ආ මේ පුතාලා ආවද, මටත් අද තේ දළු කඩන්න යන්න තියෙනවා පුතේ. ඒකයි මේ උදෙන්ම යන්නෙ. මල්ලිව එක්ක ආව එක හොඳයි අපෙත් පොඩි දෙන්න විතරයිනෙ අද. දෙවෙනී....මං උයල තියෙන්නේ තුන් දෙනාත් එක්ක කාලා කොහේවත් නොයා ගෙදරට වෙලා ඉන්න ඕනෙ හොඳද. අය්යලා දෙන්න මට කලින් එයිනේ "

මනෝරි නැන්දත් එහෙම කියාගෙන වැඩට ගියා.මල්ලිවත් එහෙ නවත්තලා අපි දෙන්න වැඩට ආවා.හසා තාම දන්නෙ නෑ ඊයේ රෑ වෙච්ච දේ. ඌට හෙමින් කියන්න ඕන. හැබැයි ඉතින් අර හිච්චි රොයිටරේ නම් මෙලහට හැමදේම දන්නව ඇති. අයියල නොකිව්වත් ඕකා දොරකට හරි කණ තියන් අහන් ඉන්නවා. එහෙව් එකානේ......

"අඩෝ තඹර අයියා එහෙම දෙයක් කරයි කියල හිතන්න වත් බෑනෙ බං"

හසාට ඊයේ වෙච්ච දේ කිව්වම ඌටත් පුදුමයි.

"මමත් හිතුවෙ නෑ බං ඔහොම දෙයක්"

"දැන් ඉතින් මොකද කරන්නේ, එයා අද හවසට හරි හෙට උදේට හරි යයි නේද"

දඬු මොණරු Where stories live. Discover now