"ඔව් මගේ ගණන් තමයි. ඉතිං තමුසෙට මොකද? මේ නදීෂ්.., මම තමුසේ කියන හැමදේම අහගෙන හිටියා කියලා කරේ නගින්න එන්න එපා හරිද?" නුරායා මෙවර තම සිතෙහි පැවති කෝපය පිටකළේ නදීෂ් වෙතිනි.

"ඇයි තෝ මට මොනවා කරන්නද? ආහ්?" එක්වරම නුරායාගේ පපුව මතට තම පාදයක් ගෙනා නදීෂ් නුරායාගේ පියයුරක් පයින් පාගා දැමුවේ ඈ වේදනාවෙන් ඇඹරෙද්දීයි.

"ප්ලී...ස් නදී..ෂ් එපා.. මට..හ් රිදෙනවා..හ්" නුරායා කෙඳිරි ගෑවේ ඔහුගේ පය තම දෑතින් ම අල්ලාගෙන ඔහුව ඈත් කරන්නට උත්සාහ කරමිනි. නමුත් නදීෂ්ගේ මුවෙහි වූ ඒ සිනාව නම් වෙනසක් වූයේ නැත. ඔහු තව තවත් ඇයට රිද්දවමින් නුරායාව සෝෆාවට තද කරමින් ඇයගේ පියයුරු පාගා දැමුවේ ඈ හඬා වැටෙද්දීයි. කෙමෙන් කෙමෙන් ඔහු අසුනින් නැගී සිටිද්දී නුරායාව තව තවත් අසුනට තදවී මිරිකී  ගියේ නදීෂ් මොහොතකටත් තම පය ලිහිල් නොකළ නිසාවෙනි. "මේක මතක තියාගනින් බැ-ලි, උඹ මගේ පයට පෑගෙන වැලි කැටයක් තරම්වත් මට වටින්නේ නෑ! අන්න ඒ නිසා.. මාත් එක්ක නටන්න තියාගන්න එපා!! තෝව නැති කරලා දාන්න යන්නේ තත්පරයයි මට. මතකනේ තොට අර  වීඩියෝස්? අන්න ඒ නිසා කට වහගෙන හිටපන්" නදීෂ් ඇයගෙන් ඉවත් වූයේ නුරායාගේ පපුවට පා පහරක්ද එල්ල කරගෙනයි. ඈ වේදනාවෙන්ම තම පපුව අල්ලාගත්තේ හඬමිනි. මෙතරම් දරුණු මෘගයෙකු සමඟ එකට වසන්නේ කෙසේදැයි ඈ දැන සිටියේ නැත. ඔහුගෙන් කායිකව මෙන්ම මානසිකව තමන් කෙතරම් නම් හිංසාවට ලක්වෙමින් ගත කරන කාලය අපායකි.

නුරායා තම පියයුරු පිරිමදින්නට ගත්තේ, වේදනාව එසේ හෝ පහකරගැනීමට උත්සාහ දරමිනි. නමුත් ඇයට ඉකිගසා හැඬුනේ අතීතයේ දවසක මේ සෝෆාව මතම ගත වූ ආදරණීය මතකයක් සිහියට පැමිණයි.

.

.

.

*අතීතයේ එක් දවසක්*

රදීෂ් සිටියේ තම දුරකතනයේ යම් කිසි කටයුත්තකට සමවැදීයි. නිවාඩු දිනයක වුවත් ඔහුගේ රාජකාරීවල නිමක් නැත. මෙතෙක් වේලාවක් මුළුතැන්ගෙයට වී ඔහු වෙනුවෙන් අතුරුපසක් සූදානම් කරමින් සිටී නුරායා නා කියාගෙන පැමිණියේ හවස තේ පානය සූදානම් කිරීමේ අරමුණිනි. ඈ ඔහු පසුකොට මුළුතැන්ගෙයට යාමට සැරසුනත්, දුරකතනයේම සිටී රදීෂ් නුරායාගේ අතකින් ඇද ඇයව නැවැත්තුවෙන් නුරායා පුදුමයෙන් ඔහු වෙත ඇදී ගියා. එක්වරම තම දුරකතනය සෝෆාවේ කොනකට විසි කළ රදීෂ් නුරායාව ඉන්දවාගත්තේ තම දෙපා මතයි. ඈ ඔහු දෙසට ආදර බැල්මක් පා කර දෙනෙත් ඔසවා විමසුවේ 'ඇයි ද?' යන්නයි.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Tempat cerita menjadi hidup. Temukan sekarang