දඬු මොණරු 28

Start from the beginning
                                    

"තඹරව ඕනවට වඩා ලං කරගෙන ආයෙත් මගෙ යකා අවුස්සගන්න එපා නේත්‍ර හරිද"

යශ් අයියා මගේ අතක් තදින් අල්ලන් කියද්දි මං වේදනාව ඉවසන් හිටිය. මේ වෙලාවේ එයාට මුකුත් පැහැදිලි කරන්න බෑ. පස්සෙ හෙමිහිට තේරුම් කරලා දෙන්න ඕන.

ටිකක් වෙලා ඉඳගෙන හිටපු අපි ආයෙත් බයික් වල නැගලා එන්න ආවා. මේ පාර නම් මල් ජෝඩුව කොහෙවත් නොයා අපිත් එක්කම ආවා. යනකොට හෙමින් ගියත් එද්දී නම් යශ් අයිය වේගෙන් ආවේ තරහෙන් ඉන්න නිසාමද මන්දා, මගේ බයත් එයාට අමතක වෙලා.හසා පිටි පස්සෙන් ඉඳගෙන එක අතකින් මාව අල්ලන් හිටිය නිසා බය චුට්ටක් අඩු උනත් මම යශ් අයියව බදාගෙන ඒ පිටට මූණ තද කර ගත්තා.

හසාලගේ ගෙදරින් මල්ලිවත් එක්ක ගෙන මං ආපහු ගෙදර ආවා.අපි දෙන්නා ගේට්ටුවෙන් ඇතුලට එනකම්ම බයික් තුන නවත්තගෙන හිටිය. යශ් අයියා මං එක්ක කතා කරෙත් නෑ අහක බලන් හිටියෙත්.තඹර අයියට හෙට උදේට උත්තර බදිනවා කියල හිතුවට මොකද මෙන්න මේකා අපි එද්දිත් අර සිමෙන්ති පුටුව උඩට වෙලා ඉඳන් ඉන්නව,මූණ යකෙක් වගේ කරන්. කොහොමත් ඉතින් යකානේ.

"මීනු ගිහින් නිදා ගන්න, මට අයියත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන"

තඹර අයියා කියද්දි මල්ලි නිදිමතේ වැනි වැනි ගෙට ගියා. කතා කරන දෙයක් හෙට කතා කර ගන්න බැරිද මන්දා. මොකක්ද මෙච්චර කඩි කුලප්පුවක්.

"කොහෙද ගියේ"

"ඇයි අයියෙ මං කිව්වෙ චවිකලාගේ ගෙදර...."

"උබ මටද බොරු කියන්නේ නේත්‍ර,ආ........ චවිකලගේ ගේ තියෙන්නේ අර පැත්තෙද,කට්ටියත් එක්ක යනවත් මං බලාගෙන හිටියෙ. ඒ වගේම දැන් එනවත් මං බලන් හිටියෙ. අපිට කියන්නෙ නැතුව ඇයි මල ගෙදර ගියේ "

"අනිත් අයත් ගිය නිසා මමත් ගියා ඉතින්, වැරදි ගමනක් නෙවෙයිනෙ අයියෙ ගියේ"

"උබට ඕන ඕන විදියට එහෙම ඇවිදින්න දෙන්න බෑනෙ නේත්‍ර, අනික අර යශ් එක්ක උබට තියෙන යාළුකම මොකක්ද"

"විශේෂ දෙයක් නෑ ඉතින්,නිකන් කතා බහ කරනවා"

"ඇත්තට, මං ඒකත් හොයා ගන්නම්කො"

දඬු මොණරු Where stories live. Discover now