පෙරවදනක්

49 7 1
                                    

"මොකෝ මෙතන තනියම...."

" ම්ම්ම්...."

මා ඇයගෙන් එල්ලි එල්ලි මෙන් ප්‍රශ්න ඇසුවද ඇගේ පිලිතුර හ්ම් යන්නටම පමනක් සීමා විය....

"ප්‍රශ්නයක්ද...."

ඇයට තිබුනේ දුර්ලභ බේබි බ්ලූ පැහැති ඇස් දෙකක්.... මා ඈ කෙරේ ඇදගන්නා තවත් එක් මායාවක් වේ නම් ඒ බේබි බ්ලූ පැහැති ගැලැක්සියක් වැනි දෑස්ය.... මා ඇගේ දෑස් වලට එබෙමින් අසන විට......

"එයාලා මට කරදර කරනවා.... මට දැන් ජීවිතේම එපා වෙලා වගේ....."

අදත් ඔවුන් ඇයව රිදවා ඇති හැඩයි.... ඇයව සුලුවෙන් හෝ රිදවන්නට කෙනෙකුට හැකිනම් ඊට වරදකරු මා නොවේද... මා ඇය රැකගැනීමට නොහැකි තරමටම නිවටයෙක්ද......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"කල්හාර මල් ගැන අහලා තියෙනවද....."

මා ඇගේ බේබි බ්ලූ දෑස් වලට එබී අසනා විට ඈ නැහැ කියන්නට මෙන් හිස සැලුවේය....

"කල්හාර මල් කියන්නෙ නෙලුම් මලට...."
.
.
.
.
.
.
.
.
.

"මාත් අර පරවුනු මල් පෙත්ත වගේ නේද...."

ඈ විලේ පැත්තක බාගෙට පරවී තිබූ කල්හාර මලක පෙත්තකට තමාව ආදේශ කළේ මාත් ඈ සමගම ඒ දෙස බලා සිටින විටයි....

ඔව්.... උබ කල්හාර මලක් මැනික.... උබ තනිකරම සුදු නෙලුමක්... ඒත් අනිත් මල් වලට වඩා මලානික.... මලානික මල් වලටත් සොබාදහමට අයිතිවාසිකම් කියන්න අයිතියක් තියෙනව... ඉතින් උබ මලානික සියපතක් වුනාට මොකෝ මට පුලුවන් අර නෙලුම් කොළේ ඒ පියුම රකිනවා වගේම උබව රකින්න..... පොරොන්දු වෙනවා මං හැමදාම උබව රකිනවා....

ඉදින්.....
මලානික සියපතකට පෙම් බැදි ඇගේ ප්‍රේමයට සාක්ශි දරන්නට පාඨක ඔබට ආරාධනා....

මලකට දෙතොල් පටලන් කදුලු බොන්නට අවසර කිම.....



_______________________________________

"මලකට දෙතොල් පටලන් කදුලු බොන්නට අවසර කිම...." උපුටා ගන්නා ලද්දකි...

මට මතක නෑ මං ඒක කොහෙද දැක්කෙ කියලා ඒක දන්න කවුරුහරි ඕතර් කෙනෙක්ගෙ කතාවක තිබුන එකක් නම් ක්‍රෙඩිට්ස් දෙන්න ඕතර්ගෙ නම කියාගෙන යන්න... මේ දවස් වල කොපි ප්‍රශ්න නෙ හරියට....

මේ විදිහට ලියාගෙන යන එකද හොද නැත්තන් වෙනදා වගේ සාමාන්‍ය ව්‍යවහරයෙන් ලියන එකද හොද???

කල්හාර මලට එක එක නිර්වචන තියෙනවා... සමහරු නෙලුම් කියනවා කුමුදු කියනවා වෙනත් මල් කියනවා ඇත්තටම මට කොච්චර හෙව්වත් හරිම මල හොයාගන්න බැරි වුනානිසා මම බහුතරයක් කියපු නෙලුම් මල අරගන්න තීරනේ කළා... කල්හාර මලට හරිම නිර්වචනයක් දෙන්න මට බෑ ඒත් මේ කතාව කියවනකන්නෙලුම් මල කියලා හිතාගෙන කියවන්න.... හරිම එක හොයාගන්න ලැබුනොත් මං ආයෙත් එඩිට් කරන්නම්....

aster_lilium

කල්හාර මල් [Ongoing]Donde viven las historias. Descúbrelo ahora