දඬු මොණරු 27

Start from the beginning
                                    

"හොදමයි පොඩි මහත්තයා"

පොඩි මහත්තයා යන්න කලින් අපිව දැකලා අපි ළඟට ආවා.

"ආ මේ ඉලංදාරි දෙන්නත් ඉන්නෙ, කාත් එක්කද ආවේ, දැන් කොහොමද යන්නෙ"

"මේ අය්යලා එක්ක ආවේ පොඩි මහත්තයා, දැන් මේ එයාල එක්ක යන්න හැදුවෙ"

හසා එහෙම කියද්දි පොඩි මහත්තයා හැරුණේ මං ඉන්න පැත්තට.

"පරිස්සමින් යන්න එහෙනම්, රෑ තිස්සෙ ගමන් බිමන් හොඳ නෑ.දැන් ළමයො මල්ලිව තනියම ගෙදර තියලද ආවේ"

"නෑ පොඩි මහත්තයා මනෝරි නැන්දලගේ ගෙදර"

"එහෙනම් කමක් නෑ. කට්ටියම පරිස්සමින් ගෙවල් වලට යන්න එහෙනම්"

පොඩි මහත්තයා අන්තිම ටික කිව්වෙ යශ් අයියල දිහාත් බලාගෙන. දුවික අයියයි, පිවිතුරු අයියයි පොඩි මහත්තයා එක්ක හිනා වෙද්දි, තමන්ගේ තාත්තාව වත් ගණන් ගන්නෙ නැති මගේ එකා ෆෝන් එකට ඇස් දෙක ඔබන් පාඩුවේ හිටිය.

බයික් තුනම හසාගෙ ගේ ලඟ නැවැත්තුවා. මං හසා එක්කම ගෙදරට ගිහින් මල්ලිව එක්කන් ආවා. ඒ එද්දිත් බයික් තුන එතනමයි.

"ඉක්මනට යන්න මං මෙතනට වෙලා බලා ඉන්නම්"

"හරි අය්යේ, පරිස්සමින් යන්න. ගිහින් මට මැසේජ් එකක් දාන්න"

මං මල්ලිවත් අතින් අල්ලන් ගෙදර ආවා. ඒකා හිටගෙන බුදි.මල්ලි මනෝරි නැන්දලගේ ගෙදරින් බත් කාලා. සෝම නැන්දා ගෙනත් තිබ්බ බත් පිඟන් දෙක එහෙම්මයි.මල්ලිව ඇදට යවලා මං සාලෙට ඇවිත් පුටුවක ඉඳ ගත්ත.

දමිත් අයියගෙ අම්ම,තාත්ත, අක්ක අඩපු හැටි මට මැවිලා පේනවා.එදා සදීර අයියගේ ගෙදරත් මේ වගේම තමයි. එදා නම් මං හිටියෙ මෙළෝ සිහියක් නැතිව. මට අඩා ගන්න වත් සිහියක් නෑ. ඇස් දෙකට පෙනුනු දේ විශ්වාස කරන්න බැරුව මං බලන් හිටියා සදීර අයියා හිනා වෙවී ඇවිත් මං එක්ක කතා කරනකම්.

දමිත් අයියට තිබුණ දාලා ගිය උන් ගැන නොහිතා අර අහිංසක අම්ම තාත්ත ගැන වත් හිතන්න.එයා මැරුණ කියල එයාට මානවී අක්කව ලැබෙන්නේ නෑනෙ.ටික කාලයක් ඉවසන් හිටිය නම් හිතේ තියෙන දුක අඩු වෙන්න තිබ්බා.අන්න එදාට හිතෙයි මං ජීවත් වෙන්න තීරණේ කරපු එක කොච්චර හොඳයිද කියල.

දඬු මොණරු Where stories live. Discover now