දඬු මොණරු 26

Start from the beginning
                                    

අනූප සර් හයේ පාරක් ගැහුවා කෙල්ලන්ගේ කටවල් වැහෙන්නම.උන් ටික හෙමින් සැරේ ලිස්සලා ගියා හොඳ වැඩේ ඕකුන්ට. යාළුවෝ කියල නෑ පණ දීගෙන හිටියට ඩිංගක් වැරදුන ගමන් හිනා වෙන්න ගන්නවා. උඩින් හොඳ මූණ පෙන්නන් හිටියට ඕකුන් බලන් ඉන්නේම වරදිනකන්.

"නේත්‍ර ඔයා ඕවා ගණන් ගන්න එපා පුතේ, මොකෝ ඔයා කිව්වෙ නෑනෙ එයාට පැනල යන්න කියල, අනික එයාට කොල්ලො හොයල දුන්නෙත් ඔයා නෙවෙයිනේ"

තුහින සර් මගේ පිටට පොඩි තට්ටුවක් දාලා එහෙම කිව්ව. කොහොමත් ඕක තව සතියක් යද්දි කට්ටියට අමතකයි.

අපි අත් හෝදන් පන්තියට යද්දි මඟදි අපේ ඉස්සරහට හිනා වෙවී ආවේ කොමස් එකේ ගෑණු ළමයෙක්. අපේ හසාට කැමති කෙල්ල.

"ආ මේක ඔය තුන් දෙනාට"

"මොනාද බං කෑමක්ද"

කෙල්ල පොඩි පාර්සල් එකක් හසාට දික් කරත් කෑමක්ද අහල ඒක කඩා ගත්තේ චවිකයා.

"අපේ ගෙදර පොඩි පාටි එකක් තිබුණා. තුන් දෙනත් එක්ක බෙදාගෙන කන්න"

කෙල්ල එහෙම කියල හසා එක්ක හිනා වෙලා යන්න ගියා.

"මොනව උනත් සුපිරි කෙල්ලෙක් බං"

ඔව් ඔව් ඉතින් බඩජාරියට කන්න මොනා හරි දුන්නොත් ඒ කෙනා සුපිරි තමයි. පන්තියට යනකම් වත් ඉන්නෙ නැතුව පාර්සලේ දිග අරිනවා.චොක්ලට් කේක් කෑලි තුනක්, මාෂ්මෙලෝ කෑලි තුනක් එක්ක පොඩි චොක්ලට් තුනක්. රට චොක්ලට් වගේ. චවිය නම් උගේ පංගුව ගත්ත ගමන් කටේ ඔබා ගත්තා. මගේ ටික මං බෑග් එකට දා ගත්තේ මල්ලිට දෙන්න. හසාත් උගේ ටික බෑග් එකට දා ගත්ත.

"නංගිට එහෙම නොදී කන්න හිතෙන්නේ නෑ බං"

ඇත්ත මටත් මල්ලිට නොදී කන්න හිතක් නෑ.ඌත් එහෙම තමයි මොනව හම්බ උනත් මගේ පංගුව උස්සන් එනවා.

"හසෝ..... මං හිතන්නේ කෙල්ල උබට කැමති.පරණ දේවල් අමතක කරලා අලුත් එකක් ගැන හිතමු බං"

"අනේ මන්දා බං, මට තියෙන ප්‍රශ්නත් එක්ක ලව් එකක් පටල ගන්න බයයි. අපේ දුප්පත් කම් වලට කෙල්ලෝ කැමති වෙයිද බං"

"හැමෝම එක වගේ නෑනෙ බං. ඔන්න ඔහේ අහල බලමු. හැබැයි ඉතින් ඉගෙන ගන්න ඒවත් කර ගනින්, නැත්නම් අන්තිමට දෙකෙන් එකක් වත් නෑ"

දඬු මොණරු Where stories live. Discover now