ඒ නිසාම වෙන්නත් ඇති උඹ කාගෙ කවුද කියලා උඹම කියනකන් මට උඹව අඳුරගන්න බැරි වෙන්න ඇත්තෙ..

මම පිට කරේ දිග හුස්මක්..

උඹ නොදන්නවා උනාට උඹට මට වෛර කරන්න දැන් හේතු දෙකක්ම තියෙනවා බං..

ඒකයි මට බය කවදාහරි දවසක උඹව මට නැති වෙයි කියලා..

සිගරට් එක තොල් වලින් ඇඟිලි අතරට ගත්ත මම කලිසම් සාක්කුවෙන් ෆෝන් එක එලියට ගත්තා..

දේශබන්දු ඇමතිතුමාගෙ වැඩකට චෙන්නායි ගිය මට ඒ හැමදෙයක්ම ඉවර කරලා ආපහු එන්න දවස් හතරක් යද්දී කොල්ලාගෙ ගැස්සිලි පිප්පිලියි කියවිල්ලයි අහන්න නැතුව මං පහුගිය දවස් කීපෙ ගෙවාගත්තෙ නොසෑහෙන්න අවුලෙන්..

දවසට දෙතුන් වතාවක්ම එයාට කෝල් කරන්න කියලා හිතාගෙන ෆෝන් එක අතට ගත්තාත් ආයෙත් මම එනකොට එයා එක්ක තරහා වෙලා ආවේ කියන එක මතක් වෙද්දී අමාරුවෙන් උනාත් මං මගේ හිත හදාගත්තා..

බාලායි ශිවායි ඉන්නවානෙ.. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ..

කොහොමත් ඉතිං ඔලුව ඇතුළෙ මොළයක් තියෙන එකෙක් අර යක් පැටියාගෙන් ඉල්ලගෙන කන්න යයිද..

කලින් මින්දීර් කරපු හැමදෙයක්ම ඉවසුවාත් මේ වතාවෙ එයා කරපු දේට දඬුවමක් දීපන් කියලාමයි මගේ යටි හිත කිව්වේ..

මම දන්නවා එයා ෆොටෝ එක උවමනාවෙන් පිච්චුවෙ නෑ කියලා..

ඒත්..... ඒ මගේ අම්මා..

අද මම එයාට ආදරේ නොකරත් බීපු කිරි වලට මං ණයකාරයෙක් ⁣වෙලා ඉවරයි..

අවුරුදු විසි හතරක් තිස්සේ සීතල නිදි නැති රැයවල් බර ගාණකදි මගෙ තනි රැක්කෙ ඒ පොටෝ එක වෙද්දී මගේ ඇස් පනාපිටම ඒක පිච්චිලා යද්දී මට කේන්ති යන එක අසාධාරණයි ද..........

.

.

"අ..අප්පච්චි.."

අම්මා මාව දාලා යන්න ගිහින් මාස ගාණක් ගෙවිලා ගියා..

ඒ හැම රෑකම මම අම්මාගෙ පොටෝ එකත් තුරුලු කරන් අනන්තවත් ඇඬුවා..

හැමදාම මං මගෙන් ඇහුවේ මට වැඩිය අම්මා මල්ලීට ආදරේ වෙන්න මම කරපු වරද මොකක්ද කියලා..

විලන් (Yizhan) Where stories live. Discover now