11📖️

4K 747 1.3K
                                    

"මින්දීර්ර්ර්...."

එයාගෙ කොට්ටෙ බිමට විසි කරලා තියෙනවා දැකපු පොලිෂ් අණ්ණා වහලෙ උලු උඩ යන්න කෑගැහුවාත් මං මට නෙමෙයි වගේ බිත්තිය පැත්තට හැරිලා ඉදන් ඇස් දෙක තද කරලා පියාගත්තා..

බලෙන් ගෙදර නතර කරගත්තා නම් උඹ නිදියපන් බිම..

"වංශෙ කබල් ගෑවාට මොකද අරූ මූව හදලා තියෙන විදිහ නම් කමකට නෑ.."

කුලු මීමා අරූ කියන්නේ අපෙ අයියාට ද..

උඹ දන්න පකක් නෑ බං.. මාව හදන්න කලින් ඒ යකා හැදිලා ඉන්න එපැයි..

අපෙ එක්කෙනාගෙ මල්ලිටවත් බැරි වෙයිද දන්නෙ නෑ අපෙ අයියකාරයාව හදලා ගන්න..

නැත්නම් මස්සිනාටත් මගෙ මිනිහාගෙ සෙතේම අත් වෙයිද..

පොඩ්ඩක් ඔහොම හිටාන් භානුවෝ..

උඹලා මුන් දෙන්නා ළගට ආවෙ පලිගන්නද නැත්නම් පවුල් කන්නද..

උඹටත් ඕන නැති රෙද්දක් නෑනෙ.. අනවශ්‍ය දේවල්මයි හිතන්නේ..

මගෙ හිත දුර ගියා වැඩියි කියලා තේරෙද්දි මං මගෙම හිතට බැනගත්තා..

"මේ විදිහට මූත් එක්ක පවුල් කෑම කෙසේ වෙතත් මට වෙන්නෙ මරාගන්න.. ඉඳලා ඉඳලා මාත් ආදරෙයි කියලා පූරුවෙ කරුමෙකට කර ගැහුවාද මන්ද.."

කවුද යකෝ කරුමෙ.. මේ අහිංසක මලක් වගෙ ඉන්න මම ද කරුමෙ..

මං කියන්නේ බොරුද..

උඹ දිව දෙකේ කබරයා..

මම ඇහැරිලා ඉද්දි නම් උඹ කියන්නේ කොහොමද.. ඔයා ආදරේ කරේ නැති උනාට කමක් නැ මම පණ වගේ ආදරෙයි.. මගෙ ආදරේ අපි දෙන්නාටම ඇති.. ලුණුයි බතුයි කාලා මුහුද මැද පැලක් අටවන් අපි දෙන්නා මැරෙනකන් ජීවත් වෙමු..

අන්තිම එක මං අතින් දැම්මාද මන්දා..

"අත පය හතර ඇඳ පුරා.. මින්දීර්.. ඕයි.. එහාට පලයන්.. මාත් නිදාගන්න ඕන.."

ඉතිං නිදාගනින් මම අල්ලගත්තා ද..

නින්දෙන් කෙඳිරිගානවා වගෙ කෙඳිරි ගාලා මම කකුලකුයි අතකුයි එයාට ඇඳේ හාන්සි වෙන්න බැරි වෙන්න ඇඳ හරහා දැම්මෙ ඔලුවත් එයාගෙ පැත්තට හරවන ගමන්..

විලන් (Yizhan) Where stories live. Discover now