05📖️

4.6K 776 1.5K
                                    

මුරුගාආආආආආආආ.....

යේක ඊයෙ රෑ උඹලාට ෂොට් එකක් දාන්න දෝත පුදලා බෝතලෙ පිටින් පූජ කර නිසානෙ අපිලාට මේ වෙනස්කම්..

"ඉල්ලෛ..."

"නෝ.."

"මම...?? මේකෙන් පනින්න..???"

"ඒක වෙන්නෙ නෑ.."

වේගෙන් ඉස්සරහට ඇදෙන කෝච්චියෙ පාපුවරුවෙ එල්ලිලා එලිය බලපු මම ඔලුව දෙපැත්තට වනන ගමන් ආයෙ අගස්ත්‍ය දිහාට හැරුනෙ එයා ඇහිබැමි හීනි කරද්දී..

මු හුත්තක් කතා කරනවා..

කෝච්චියෙන් පැනීම කෙසේ වෙතත්  ඒක කියද්දිම කොහෙවත් නැති චූ බරකුත් ලෝඩ් උනා..

උඹට ඕන නම් පැනපන් කුලු මීමෝ.. මට බෑ දැන්ම මැරෙන්න..

මං අහිංසක දරු පවුල්කාරයා..

දැන්ම නෙමෙයි තව අවුරුදු තුන හතරකින් විතර..

"දැන් උඹට පනින්න බෑ කියලා ද ඔය කියන්නේ.."

"බෑ තමයි යකෝ.. උඹට මාව කොණ්ඩෙ බැඳපු චීනෙක් වගේ පේනවාද.."

"හා ද බෑ ද.."

මම බෑ කිව්වාම එයා ආයෙත් හා ද බෑ ද කියලා ඇහුවෙ එක තත්පරේකටවත් මගෙන් ඇස් අහකට ගන්නෙ නැතුව..

"මාව කේන්තිගස්සන්න එපා ඕයි.."

"ඇයි උඹ මොනවා කරන්නද.."

"කේන්ති ගියොත් ද... අහ්ම්.. කේන්ති ගියොත්.. අ.. මං.. මං.. කේන්ති ගියොත් මං මේකෙන් පනිනවා.."

මගේ උත්තරෙත් එක්ක එයාගෙ කට කොනක් ලාවට උඩට ඉස්සුනෙ මං එයාට ආපහු උත්තරයක් දෙන්න හදද්දී උනාත් එකසැරේටම මගේ පපුවට අත තියපු එයා මාව කෝච්චියෙන් එලියට තල්ලු කරේ මං කෑගහද්දී..

"ආආආහ්හ්හ්හ්හ්හ්හ්......"

"උඹ කෑගහලා ඉවර නම් ඇස් ඇරපන්.."

එයාගෙ කටහඬ ඇහෙනවාත් එක්කම ඇස් ඇරපු මං ඉක්මනට වටපිට බැලුවා..

අපායෙ කෝච්චිත් තියෙනවාද..

"අපායෙ කෝච්චි නෑ.. උඹ තාම පණ පිටින්.."

මූට හිත කියවන්න පුලුවන් ද..

"මට හිත් කියවන්න බෑ.. උඹ කට කියවනවා.."

විලන් (Yizhan) Where stories live. Discover now