°°°නමවෙනි පරිච්ඡේදය°°°

Start from the beginning
                                    

නාගෙන ඇවිත් මං බයික් එකත් අරන් අශ්වින් හොයන් ගියා. මං හෙන ආසයි මේක පදින්න. මට තිබ්බෙ කලු පාට මික්ස් ගෝල්ඩ් ආර් ෆිෆ්ටියක්. රූං ගාල අශියලගෙ ගෙදරට ගිහින් හෝන්  එක ගහද්දි සද්දෙටම එලියට ඇවිත් ඉඳපු අශියලගෙ අම්ම දොර ඇරියා

අනේ දරුවො ඔහොමත් එනවද බයික් වල. 

ඒම තමා ඇන්ටි පුලුවන් කාලෙ බඹර වගේ ඉන්න ඕන. අශ්වින් කෝ

ඔය ඇතුලෙ ඉන්නෙ පුතා මං හිතන්නෙ පාඩම් කරනව



මං ශේප් එකේ අශිය හොයන් ගේ ඇතුලට ගියා. හම්මට මූ පාඩම් කරනව තමා,



බල්ලෝ මං ආවා!



දුවගෙන ගිහින් මං අශියගෙ ඔඩොක්කෙන් ඉඳගත්ත

බැහැපන් බල්ලො සමනල සංධවනිය වගේ මෙතන ඊව්

අශිය කෑගහල මාව තල්ලු කරා. 



උබ එහෙනං මට එහෙම කරා නේත. පව් කාර බම්ලා. ඉස්සල්ල ආව මේ තේව් යුහස් අහිංසට වඩා උඹට අශෙල් ලොකු උනා. 

මං පපුවටත් දෙකක් විතර ගහගෙන ඩ්‍රාමාටික් විදියට කිව්වම අරූ හිනා උනා. මූ හොඳ එකා හැබැයි අනේ

අනේ පලයන් පගෝ

ඉතින් උබට ඊයෙ අභිසෙස් අයිය මොනාහරි කිව්වද

ඔව් ඕයි මට ආදරෙයිලු

ඉතින් උඹ මොකද කිව්වෙ?

තාම මුකුත් කිව්වෙ නෑ

උඹ අයියට කැමති නම් කියහන් ගිහින් මං බල කරන්නෑ උඹට

හ්ම්!







~





හවස දෙකට තියන අකව්න්ට්ස් ක්ලාස් එකටත් බයික් එකේම ගිහින් බැහැල ඇතුලට ගියා. ඒ යද්දි ඉතින් කෙල්ලො අතරෙ කච කචයක් ඇති උනා, අනේහ් ඉතින් සමාවෙන්න කෙල්ලනේ මං ඔයාලගෙ නෙමේ දැන් මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව. මමයි අශියයි උඩ තට්ටුවෙම ක්ලාස් 03 එකට ගිහින් පිටිපස්සෙම පේලියට පෝලිම් හතරක් විතර ඉස්සරහින් ඉඳගත්තා. ඒත් එක්කම මූණ රතු කරගත්ත කෙල්ලෙක් මුරුක්කු පැකට් එකක් ගෙනල්ල දික් කරා. නිකන් දෙනව නං මොකත් එකයි අශියා ඒක ඇදල අරන් කන්න පටන්ගද්දි මමත් ටික වෙලාවක් බලන් ඉඳියා. හිමීට මං වෙන ලෝකෙකට ගියෙ මටත් නොදැනි. 

තේව් !Where stories live. Discover now