දඬු මොණරු 21

Start from the beginning
                                    

"තව ටිකක් පරක්කු උනා නම් උඹලට හුළං තමයි පුතේ"

අනූප සර් මොනවද මන්දා කටේ පුරවන් කතා කරේ, කම්මුල් දෙක උල් වෙලා.

"සර් ඔහොම ඉද්දී ලස්සනයි, නැටුම් මිස් දකින්න තිබ්බෙ"

චවිය නැටුම් මිස්ව මතක් කරා විතරයි අනූප සර් කටේ තිබ්බ ටික ගිල ගන්න ගිහින් හිර කර ගත්තා.

"අනේ මන්දා උස මහත තිබ්බට මේ තනිකර බබ්බු"

බිම් මල එහෙම කියාගෙන පුටුවෙන් නැගිටලා ගිහින් නැමීගෙන කහින අනූප සර් ගෙ පිටට හොඳ පාරවල් දෙක තුනක් දීලා වතුර බෝතලයක් කටේ ගැහුවා. ඇත්තටම ඔය උසට මහතට ඉන්න ඔක්කොම බබ්බු තමයි. අපේ සර්ට වරදින්න විදිහක් නෑ, එයා බොරු කියන්නෙත් නෑ.

"නෑ නෑ බං ප්‍රශ්නයක් නෑ, අවුලක් නෑ ශේප්, ශේප්"

අනූප සර් පපුව අත ගගා එහෙම කියාගෙන ගිහින් තුහින සර් අහක බලනකන් ඉදල කොන්ද අත ගා ගත්තා.

"මේ මොනාද සර් මේ බෝල කැවුම්"

"ඕවා තමයි බං නාරං කැවුම්"

අනූප සර්ගෙ නාරං කැවුමයි, තුහින සර්ගෙ කජු අලුවයි, කිරි ටොෆියි කාලා කාලා උදෙන්ම බඩත් පිරුනා. මෙච්චර පැණි රස ගිලලා දිය වැඩියාව හැදෙයිද මන්දා.

කාලා, බීලා අස් පස් කරල හැමෝම එක්ක පිට්ටනියට යන්න එළියට බැස්ස, අනිත් අය ඉස්සර වෙලා යද්දි මම තුහින සර් එක්ක කතාවට වැටුණේ පරක්කු නොකර එයාව දැනුවත් කරන්න ඕන නිසා.

"ඌට කෙළ උනාම තමයි එහෙනම් මාව මතක් වෙලා තියෙන්නේ, බලමුකෝ මාව හොයාගෙන එයිද කියලා, එදාට තමයි මගේ හැටි දැන ගන්නේ, ෂිට්.... දාලාගියා නම් ඒ විදියට ඉන්න එපැයි මූසලය"

සර්ට අමතකත් උනා මේ කතා කරන්නේ එයාගෙ ගෝලයෙක් එක්ක නේද කියලා, වෙන වෙලාවට හරි සංවර කටක්නෙ ඉදල හිටලා ඇවිස්සුනාට.....

"ඒ උනාට මට නම් බයයි සර්"

"බය වෙන්න එපා පුතේ, කේශාන් එහෙම කරදර කරන කෙනෙක් නෙවෙයි, පස්සෙන් ආවත් මං අකමැති නම් යන්න යයි. ඒ නිසා බය වෙන්න එපා"

"ම්ම්ම් ජූඩ් අයිය කිව්ව සර්ව මතක් කරන්න කියල"

"හරි හොඳ කොල්ලා, මං හයර් ගියේ එයා එක්ක විතරයි. ඔය වැදගත් විදියට ඇදලා කරලා ඉන්න උන්ට වඩා ඒ රස්තියාදු පාටට ඉන්න කොල්ලො ලඟ මනුස්සකම තියෙනවා"

දඬු මොණරු Where stories live. Discover now