දඬු මොණරු 20

Start from the beginning
                                    

පුරුදු විදියටම අදත් සදීර අයියව බලන්න ගිහින් එයා වෙනුවෙනුත් ඉටි පන්දම් පත්තු කරා.

'ඔයයි, අම්මයි අද හිටිය නම් මං තාමත් අර වැල්ලේ නිදහසේ දුව පැනපු පොඩි කොල්ල වෙන්න තිබ්බ අයියෙ '

වැල්ලෙන් යද්දිට වඩා එද්දී මං හිටියේ ලෙඩ පාටින්, වැල්ලෙ අය ඒ ගැන අහද්දි හෙම්බිරිස්සාව කියල යන්තම් ශේප් උනා.අද දවල්ට මේරි නැන්දා එහෙ කෑම කන්න එන්න කිව්වා.එයාගෙ පුතා කණිෂ්කනෙ මගෙ හොදම යාළුවා. මේරි නැන්දා මං ආස නිසාම අමු හාල් මැස්සෝ කිරට හදල තිබුණ. තාත්තා ඉද්දී එයාගෙ බෝට්ටුවට අහු උනේ නැතත් වෙන අයගෙන් හරි ඉල්ලන් අමු හාල් මැස්සෝ අරන් එනවා මං ආස නිසා......

දවල්ට කාලා ඉවර වෙලා කණියා එක්කම උන්ගේ ගෙදර පිටි පස්සෙ දොරින් වැල්ලට බැස්ස. මල්ලි මේරි නැන්දා එක්ක ලොකු කතාවක්, ගමේ විස්තර, එයාගෙ වගා කරන වැඩ ගැන එහෙම. අපි දෙන්නට ගෙයින් එළියට බැහැලා අඩි දෙක තුනක් වත් යන්න උනේ නෑ බාබු අයියා ඇවිත් අපිට කතා කරා.

"කොල්ලො උබ පොඩ්ඩක් ගේ ඇතුලට වෙලා ඉඳපන්. අර රුකී වැල්ලට ගොඩ බැහැලා, උබ ඇවිත් කියල ආරංචි වෙලාද දන්නෙත් නෑ. ජූඩ් මට කිව්වා පොඩ්ඩක් උබ ගැන බලන්න කියල"

මං බාබු අයියා දිහා පුදුමෙන් බලා හිටියා. මොකද රුකී අයියා මගේ වටේ කැරකෙනවා කියල මං දැනන් හිටියත් මං අය්යලා එක්ක කවදාවත් ඒක කියල නෑ, ඒ උනාට එයාලා ඒ ගැන හෙවිල්ලෙන් වගේ ඉදල තියෙන්නේ.

කණියා එක්කම ඇවිත් උන්ගේ පුංචි සාල කෑල්ලේ ඉඳන් ඔහේ වල්පල් දොඩෝ දොඩෝ හිටිය. මූට දැන් කෑල්ලක් ඉන්නවලු ඉස්කෝලෙ, මූත් ඉතින් උසස් පෙළ කරන්න පුළුවන් විදියට යන්තම් විභාගේ ගොඩ දා ගත්තනෙ.

"කොල්ලො වරෙන් වාඩියට යමු"

ජූඩ් අයියා ඇවිත් කතා කරද්දි අපිත් ඒ පස්සෙන් ගියා. වාඩියේ තිබ්බ ලී බංකුවේ මං ඉඳ ගත්තම ජූඩ් අයියත් මං ළඟින්ම ඉඳ ගත්ත.

"රුකිය මේ ලඟදි මගෙන් උබ ගැන ඇහුවා, උබ කෝ කියල. ඌ හිතනවා ඇති අපි මුකුත් නොතේරෙන තොත්ත බබ්බු කියල, ඒ උනාට ගොනා හැරෙන්නේ මොකටද කියලා අපි දන්නවනේ"

දඬු මොණරු Where stories live. Discover now