දඬු මොණරු 19

Start from the beginning
                                    

සමහන් එක බීලා ඉවර වෙලා ආයෙත් ඔළුව තියා ගත්තම දන්නෙම නැතුව මට නින්ද ගිහින්. ආයෙත් ඇහැරෙද්දි ලඟ තිබ්බ කෝප්පෙත් අතුරුදන්, සර් ඇවිත් ඒක අරන් යන්න ඇති.

ඉස්කෝලෙ ඉවර වෙලා එළියට ආවත් යශ් අයියා පේන්න වත් නෑ,කමක් නෑ මඟ ඇති,
එයාලා කොහොමත් දැන් ඉස්කෝලෙ ළඟට එන්නේ නෑනෙ, අද අනූප සර් අපි එක්ක ආවේ නෑ, එයා ඉස්කෝලෙ නැවතුනා හවුස් මීට් එකේ වැඩි වැඩ කොටසක් තියෙන්නේ එයාට.

අපි ටිකක් දුර යද්දි අපේ පිටි පස්සෙන් ආව දෙන්නෙක් අපි එක්ක කතා කරන්න ගත්ත. ඒ පිවිතුරු අයියයි, දුවික අයියයි. පිවිතුරු අයියා තුහින සර් ළඟට ගිහින් එයා එක්ක කතාවට වැටෙද්දි චවී හසා දෙන්න ඊට පිටි පස්සෙන් ගියා. ඊටත් පිටි පස්සෙන් මං යද්දි දුවික අයියා මට සමාන්තරව ඇවිද්ද.

"මල්ලි උබ වැඩිය අවුල් ගන්නෙ නැතුව ඉඳපන්. අපේ එකා උබව අතාරින්නෙ නෑ, ඌට ටික දවසක් දෙමු. මමත් තේරුම් කරලා දෙන්නම්"

"යශ් අයියා කෝ අයියෙ, ඇයි එයා ආවෙ නැත්තෙ"

"ඌට තරහයි, දුකයි... ඒ වගේම උබට ගැහුව කියල පසු තැවෙනවා. ඒ නිසාම දැම්ම උඹ එක්ක කතා කරන්න එන එකක් නෑ. ඌට හිමීට හිත හදා ගන්න දෙමු හොඳද"

"ම්ම්ම්"

එයා මාව අතාරින්නෙ නෑ කියලා කිව්ව වචන ටිකට මට හරි සතුටුයි. ඒක හරියට දිව ගිලෙන්න තරම් පිපාසෙන් ඉද්දී ලැබුණ වතුර උගුරක් වගේ. අද උදේ ඉඳන් එයාව දකින්න බලාපොරොත්තුවෙන් හිටියත් එයා නැති උනාම ආයෙත් හිත හතරට පහට කැඩිලා ගිහින් වේදනා දෙන්න ගත්තත් දුවික අයියා කිව්ව දේවල් නිසා ඒ වේදනාවට පුංචි හරි සැනසීමක් දැනුනා....

ඉස්සරහින් යන ජෝඩුව කතා කර කර යනවද, නැත්නම් මරා ගන්නවද කියල වත් අද මට සිහියක් නෑ. අනිත් උන් දෙන්නත් ඉස්සර වෙලා පාඩුවේ යද්දි මමත් දුවික අයියා කියන දේවල් අහගෙන ඔහේ එන්න ආවා.

ගුරු පාරේ ටිකක් දුර එද්දී තුන් මං හන්දියක් හම්බ වෙනවා. අනිත් පාරත් ටිකක් ලොකු ගුරු පාරක්. අපි එතනට ලං වෙද්දි අනිත් පාරෙන් ආව රතු පාට බයික් එකක් පාරට දාලා අපේ ඉස්සරහට ආවා. ඒ බයික් එක කාගෙද කියලා අපි හැමෝටම අදුර ගන්න බැරි කමක් නෑ......

දඬු මොණරු Where stories live. Discover now