"ඔක්කොම එලියෙ දාගෙන නිදන් ඉන්න කැත විතරක්.."

එයාගෙ අතින් මගෙ පස්සට වැදුන පාරත් එක්ක මම දිව හපාගත්තා..

මූ හිතලාමයි ගැහුවේ.. වලත්තයා..

හිටපන්කො දෙන්නම් උඹට..

තත්පර ගානකට පස්සෙ ඇඳ බර වෙනවා දැනෙද්දී එයා මගෙ කකුලයි අතයි එහාට තල්ලු කරලා මගෙ එහා පැත්තෙන් ඇඳේ දිගා උනේ මාව බිත්තියටයි එයාගෙ ඇඟටයි මැදි වෙද්දී..

ඇඳේ දෙන්නෙක්ට නිදාගන්න ඉඩ මදි නිසාම මම ඉඳියෙ එයාගෙ හුස්ම මගෙ මූණට වැටෙන දුරින් වෙද්දී අගස්ත්‍ය මගෙ නළලට වැටිලා තිබුණ කොණ්ඩගස් කීපයක් අතින් අහකට කරා..

"පොඩි එකෙක් වගෙ.. කටත් උල් කරන් ඉන්න හැටි.."

මේ යකා මගෙ මූණට ලං වෙනවා නේද..

චුප් චුප්.. එහාට වෙලා ඉදපන්.. මොකටද ළගට එන්නෙ..

ඇස් අරින්න ඕන උනාත් මගෙ යටි හිත කිව්වෙම එපා කියලා වෙද්දී ටිකකින් මට දැනුනා එයාගෙ තොල් මගෙ පියවිලා තිබුණ ඇස් කොනක නතර වෙනවා..

"උඹ මාව පිස්සෙක් කරලා.."

එයාගෙ ඇඟිලි තුඩක් මගේ තොල් පිරිමදිද්දි මට බය හිතුණා පපුව ගැහෙන සද්දෙ එයාටත් ඇහෙයිදෝ කියලා..

"මං ආදරේ දෙද්දී මුරණ්ඩුකම් කරලා මාව නැති කරගන්න එපා මින්දීර්.. උඹටම තමයි අන්තිමේ පසුතැවෙන්න වෙන්නෙ.."

පහත් හඬින් මුමුනපු එයාගෙ හුස්ම මගෙන් ඈතට යද්දී මම ලාවට එක ඇහැක් ඇරලා එයා දිහා බැලුවා..

කොට්ටෙ උඩ අතක් තියන් ඒ අත උඩ ඔලුව තියාගෙන ඉදපු එයා බලාගෙන ඉඳියෙ තටු කරකැවෙන ෆෑන් එක දිහා වෙද්දී එයා ඈතින් ඉන්නවාට අකමැති නිසාම නින්දෙන් දඟලනවා වගේ මම එයාට ලං උනේ එයාගෙ ඇඟට කකුලක් දාලා පපුව උඩින් ඔලුව තියාගන්න ගමන්..

එයා ළඟ උණුහුමයිනෙ..

ඒ රලු පිරිමි පපුවෙ උණුහුම මගෙ කම්මුලට දැනෙද්දී මම තව තවත් එයාට ලං වුණා..

මගෙම තාත්තාගෙ ආදරේ කවදාවත් විඳලා නැති මං දැනගෙන ඉඳියෙ මාව හදාගත්ත තාත්තාගෙ පපුවෙ උණුහුම විතරක් වෙද්දී ඒකත් ටිකෙන් ටික ලොකු වෙද්දී මට මග ඇරිලා ගියා.. ඒ නිසාමද මන්දා අගස්ත්‍ය ළගදි මගෙ හිතට අමුතු හැඟීමක් ආරක්ෂාවක් දැනුණා..

විලන් (Yizhan) Where stories live. Discover now