CHAPTER 6.

104 18 2
                                    



"අහ්....
ඉවාන්... ආවද...."

"ඔව් ඔව් අපි ආවා... කෙල්ලේ මට උණු වතුර එකක් හදලා ගෙනාවනම්..."

ඉස්කෝලෙ ඇරිලා මායි ආච්චිටයි දැන් ගෙදර ආවා. මං ඉතිං ඉස්කෝලේ ඇරිලා එන්නේ කෝච්චියේ.. මට තාම තනියම යන්න එන්න බැරි හින්දා ආච්චි තමයි මාව උදේට ගිහින් දාලා හවසට එක්කන් එන්නේ... අම්මට බෑ දැන් මං ගැන බලන්න මොකද මල්ලි තාම චූටියි නේ... මල්ලිට ගිය ජූනි වලට අවුරුද්දක් ලැබුවා විතරයි. ඒ හින්දා අම්මා මල්ලි එක්කමයි. ඇරත් තාත්තා කැමති නෑ අම්මා එහෙ මෙහෙ යනවට.

ඉස්කෝලෙ උන දේ ගැන කිව්වොත් ඉතිං අද මං බේරුනේ නූලෙන්. ඉස්සෙල්ලාම මං පන්තියෙන් ඇතුල බලාගෙන ඉද්දිම ඇවිත් තිබ්බේ සෙක්ෂන් හෙඩ් හාමුදුරුවෝ. එයා දිහා තමා අර ලමයි ඔක්කොම බැලින්නං බලාගන ඉදලා තිබ්බේ...
මං පිටිපස්සට හැරුනම හාමුදුරුවෝ ටිකක් වෙලා මං දිහා ඔරවගෙන බලාගන හිටියා. මාත් ඉතිං හරි ගොන්පහේ හිනාවක් දාලා හිනාවුනා. වෙන මොනවා කරන්නද. ඊට පස්සේ පන්තියේ ටීච දිහාත් බලලා ඔළුව වනලා මට එන්න කියාගන හාමුදුරුවොත් ගියා පහලට. අපෙ සෙක්ෂන් හෙඩ් ඉදපු හාමුදුරුවෝ ගොඩක් තරුණයි. එයා අපිත් එක්ක හරි එකතුයි ඒ හින්දා.ඇරත් අපෙ ඉස්කෝලේ හිටපු ස්වාමින්වහන්සේලා ගොඩක් ලමයි එක්ක හරි එකතු අය,හැබැයි හොදට හොදයි වගේම, නරකටත් නරකයි තමා එයාලා නම්. ඒත් කියන්න ඕන මොනා නැතත් ටීචර්ස් ලට වඩා නම් අපෙ ඉස්කෝලේ ස්වාමින්වහන්සේලා ගොඩක් හොදයි.

ඒ වෙලේ සුනන්ද හාමුදුරුවෝ ඇවිත් තිබුනේ මට යන්න තිබ්බ සිංහල පද්‍ය ගායනා වල පලාත් තරග ගැන කතා කරන්න මාව එක්කන් යන්නයි.හාමුදුරුවෝ උනත් දන්නවා අපේ චූලනී මිස්ට මාව අරහං කියලා, ඒ හින්දා මං එලියෙ හිටපු එකෙන් සද්ද නැතුව හාමුදුරුවෝ එහෙම්මම මාව සෙක්ෂන් එකට එක්කන් ගියා...
ඊටපස්සේ ඉතිං ඉස්කෝලේ ඇරිලා මං ආච්චි එක්ක ගෙදර ආවා...

අද වැස්ස නිසා හොදටම ආච්චියි, මමයි තෙමුනා... වෙනදට නම් අපි ස්ටේෂන් එකෙන් බැහැලා රේල්පාර දිගේම යනවා, රේල්පාර යන්නේ අපේ ගෙවල් පැත්තට යන්න තියන තාර පාර උඩින්...අද වැස්ස නිසා එහෙම යන එක ඩේන්ජරස් නිසා අපි ත්‍රීවිලර් එකකම ආවා.

නොලියූ කවිය || NONFICTIONOnde as histórias ganham vida. Descobre agora