64..... හැට හතරවෙනි හීනය..... 🪷

Start from the beginning
                                    

" ඇත්ත.........."

ඒ දෙස ටික වේලාවක් බලාගෙන සිටි ඔහු එලෙසින් පැවසුවේය.......

",යකෝ අපි හතර පස්දෙනා පණ දාගෙන වැඩ...... උඹලව මෙතන ලස්සනට හිටවලා තියලා ගියාද ලොක්කා........"

ඉතින් තුන්දෙනාට කතාබහ නතර කර සංග්‍රහ කටයුතු කරන ස්ථානයට යන්නට සිදුවුණේ රූහිගේ කෑගැසීමට පින් සිද්ද වෙන්නටයි........

.
.
.
.
.

" ඔන්න අද බබා මුලින්ම මගේ එපාට්මන්ට් එකට යනවා......."

ශාන් මෙනිත්ගේ අතකින් අල්ලාගෙන විදුලි සෝපානයට ඇතුල්වුනේය   .... මේ වන විට වේලාව සවස හතරත් පසුවෙමින් තිබුණු අතර අවමංගල්‍ය කටයුතු සියල්ල සාර්ථකව අවසන් කර ශාන්  මෙනිත් සමග අපරාධ විමර්ශන ඒකකයට ගියේ අදත් කට උත්තර  ලබාගන්නට වෙන්නට යැයි පවසා තිබුණු මිසාවෙනි.... එය වැඩ කටයුතු අවසන් වන විට ඉතින් සවස් වී තිබුණු අතර යළිත් ආයතනයට යන්නට වෙලාවක් නැති නිසා දෙදෙනාම එපාට්මන්ට් එකට ආවේය .........

" බෝඩිමේ තියෙන මගේ බඩු........"

ශාන්  මෙනිත්ගේ ඉනවටා අතක් දමාගෙන ඔහුව තමන්ගේ සිරුරට හේත්තු කරගෙන විදුලි සෝපානයේ ඇති කන්නාඩියෙන් ඒ දර්ශනය දෙස ආසාවෙන් බලාගෙන සිටියදී මෙනිත් ශාන්ගේ කම්මුලට හාදුවක් තබමින් කීවේය ........

" හෙට හවස දිහාට ගිහින් අරගෙන එමු........ මම හිතාගෙන ඉන්නේ මේ දවස් ටික හිමිට පහු උනහම ඔයාගේ යාළුවො සෙට් එකම එකතු කරලා ඩිනර් එකක් දෙන්න......... මළගෙවල් වල වැඩ ඉවරවෙලා ටික දවසක් යනකන් ඉමු නේද බබා........"

ශාන්ගේ  නිවස ඇති අටවෙනි මහලට විදුලි සෝපානය විවෘත වෙද්දී දෙදෙනාම ඉන් පිටතට පැමිණෙන අතර ශාන්  ඇසුවේය ....

" ඔව් ඔව්.......මේ දවස් ටිකක් යනකං ඉමු සුදු අයියේ...... මිනාමිත් ඉන්නවනේ .....ඊට පස්සේ එයාට දුක හිතෙයි......"

ශාන්  එය අනුමත කරමින්ම ඔහුගේ එපාට්මන්ට් එකේ දොර විවෘත කලේය ........ පසුව මෙනිත්ගේ අතින් අල්ලාගෙනම නිවස තුලට ආවේය ....

" ඉතින් මේ තමයි අද ඉඳලා අපි දෙන්නගෙ ගෙදර.......'

අධි සුඛෝපභෝගී එපාට්මන්ට් එකේ ආලින්දයේ සිට  නිවස  පුරාවට දෙනෙත් යොමු කරමින් සිටින මෙනිත්ව පිටුපසින් වැළඳ ගත් ශාන් එලෙසින් කියමින් මෙනිත්ගේ උරහිස මතින් මුහුණ  තියාගත්තේය .....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now