32.. තිස් දෙවැනි හීනය.... 🪷

1.6K 395 450
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️...................

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙනිත්ගේ සුදු අයියා...❤💚💛
.
.
.
.
.
.

ඉරිදා නිවාඩු දිනය අවසන් වී සඳුදා දිනයෙහි සුපුරුදු පරිදි රාජකාරි ආරම්භ විය...... පුරුදු ලෙසින්ම මෙනිත්ලා  ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වෙද්දීම වගේ ආයතන ප්‍රධානියාගේ වාහනය ඇවිත් ඇතුළුවීමේ දොරටුව ඉදිරියේ නතර වුණේය....

ලොක්කා,සහ මිස්ටර් කුවාන් වාහනයෙන් බැසගත් අතර  මේ මොහොතේ ඇතුළු වීමේ දොරටුවෙන් ආයතනය තුළට ඇතුළුවන සියලුම සේවක සේවිකාවන් වෙතට එක් බැල්මක් හෙලූ ආයතන ප්‍රධානියා ඔහුගේ දෙනෙත් එක් දෙනෙතක් අසල තත්පර කිහිපයක් නතර කරගෙන හිඳ එතැනින් ඉදිරියට ඇවිදගෙන යන්නට ගියේය......

ඔය ඇස් මා ලඟ නැවතුන දා......
සිත දැන් ඔබගේ වෙලා.....
රහසේ තුරුලේ සැතපීලා......
ඉන්නම් මියෙනා තුරා.......

ඉතින් අනෙක් අය සමගින්ම චේන්ජින් රූම් එක දෙසට ඇවිද යන මෙනිත්ගේ හිතේ ඒ ගීතය රැව්පිලි රැව් දෙන්නට පටන්ගත්තේය  ...සියල්ලන් දෙසට බැල්මක් හෙලන අතර තමන්ගේ දෑස් අසල මොහොතකට නතරවීම , ඒ මොහොතේදී ඒ දෙතොල් මදක් ඈත්වී සිනහවක සේයාවක් මතුවීම සහ අනෙක් සෑම මොහොතකටම වඩා ඒ ඇස්වලින් පවා සිනහවේ ආලෝකයක් දිස්වීම .... ඔය සියල්ල එක් නිමේෂයක හරි අපූරුවට සිදුවන්නේය..... මෙනිත්ගේ ඇස් ලඟ නවතින ශාන්ගේ දෙනෙත් ඊලඟට හැමදාමත් මෙන් පෙනෙන්නට දමාගෙන සිටින නෙක්ලස් එක අසල නතරවී කෙලින්ම ඉදිරියට යොමුවන්නේය.....

එතැන් පටන් විනාඩි ගණනාවක් යනතුරු මෙනිත්ගේ කුරුමිණි උවදුර ඉතින් කුසපුරා පැතිර යන්නේය..... ඒත් සමඟම මුහුණට ලැබෙන ආදරණීය සිනහවත් අවසානයක් නැත....... එවන් අවස්ථා වල මෙනිත් ටැම්ගේ කරවටා අතක් දමාගෙන ඔහුව ලඟට ඇද ගන්නේය.....

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now