14... දාහතරවෙනි හීනය... 🪷

1.6K 392 446
                                    

⌛️⌛️ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️....

__chocolate_girl__  ආදරණීය නංගියා හදලා එව්වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__chocolate_girl__  ආදරණීය නංගියා හදලා එව්වේ... මේ තමයි එයාගෙන් මගේ කතාවකට ලැබුණු පළවෙනි තෑග්ග...ඒක ගොඩක් ලස්සනයි වගේම  ආදරෙයි මේ ළෙන්ගතුකමට........❤💚💛
.
.
.
.
.
......

මෙනිත් හිස,ඔසවා මිස්ටර් සොන් දෙස බලද්දීම
කාර්‍යාලයේ දොර විවෘත වී සල්ලිකාර උස චීනා එතැනින් මතුවුනේය ....

අද තත්ත්වය වෙනස් ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද තත්ත්වය වෙනස් ය... ඔහු කෝට් එක ගලවා අතක් මතින් දමාගෙන සිටින අතර ඒ බැල්ම කෙලින්ම මෙනිත් වෙතට එල්ලවූ අතර මෙනිත්  ඉක්මනින් බිම බලාගන්නට උත්සාහ කලත් එය ව්‍යාර්ථ වී ගියේ කවදාවත්  නොදුටු කෙටි සිනහවක් ශාන්ගේ  මුහුණට පැමිණි නිසාවෙනි ..... මේ මෙනිත් ශාන්ගේ එවන් සිනාවක් දුටු මුල්ම වතාවයි.... හදවත් ෆ්‍රීසරයක් තුල අඩහෝරාවක් තැබූ ලෙසින් සීතල වී යනබවක් මෙනිත්ට දැනුනි ...... එතරම් නපුරු මුහුණට එතරම් සුන්දර සිනහවක් නඟා ගන්නට හැකිදැයි යන කුතුහලය පවා මෙනිත්ගේ හිතට ඇතිවුනේය ....

මෙනිත් ඒ සිනහව දෙස තත්ත්පර කිහිපයක් බලාගෙන හිද ඉක්මනින්  බිම බලාගත්තේය ..... තවත් ඒ මුහුණ දෙස බලාගෙන සිටියානම් හදවත නවතින්නටත් ඉඩක් ඇත.....  අනෙක් අතට හිනාවෙන්නට මෙනිත්ට උවමනාවක් නැත .... ලොක්කා උනත් මෙනිත් එලෙසින් සිදුකරන්නට ගියේ නැත...

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now