64..... හැට හතරවෙනි හීනය..... 🪷

Start from the beginning
                                    

" ආවට ගොඩක් ස්තූතී රාජන්....... ඇතුලට යමු.......... බබා පපා ඔයාට කතාකලා......"

ශාන්  මුල් වචන කිහිපය රාජන් දෙසට හැරී පවසා ඊලඟ වචන කිහිපය මෙනිත් දෙසට හැරී පවසද්දී  මේ කිසි දෙයක් අදහා ගන්නට නොහැකිව රාජන් මෙනිත් දෙසත් දුමාල්ලා දෙසත් මාරුවෙන් මාරුවට බලද්දි මෙනිත් රාජන් හට සිනහවක් තිළිණ කරමින් සොන් සොයාගෙන ගියේය ..........

" බබා......... මෙනිත්ට ........මොකක්ද උනේ බං ........"

ශානුත් ඒ මොහොතේ පැමිණි අමුත්තෙකු අසලට ගොස් කතාබහ කරන්නට පටන් ගත් සැණින් රාජන් නෆ්‍රාස් අසලට ගොස් ඇසුවේය .......

" ඇයි බං ඊයේ ෆැක්ට්‍රිය ඇතුලේ සිද්ධ වෙච්ච දේ උඹලගේ කවුරුවත් උඹට කතා කරල කිව්වෙ නැද්ද......"

නෆ්‍රාස් එලෙසින් අසද්දී රාජන් නෑ යැයි හිස සැලුවේය ......

" මගෙ පැකේජ් එක ඉවරවෙලා නෙෆා.....  අද හවස මෙහෙට ඇවිල්ලම දාගන්නවා කියලා හිතාගෙන ආවේ......ෆ්‍රැක්ට්‍රියට යන්න කලින් මම දුමාල් අයියට කතා කළේ transport  එකේ ඩ්‍රයිවර් ගෙ පෝන්   එකෙන්..........'"

ඉතින් නෆ්‍රාස්  සිදුවීම මුල ඉඳන් අගට රාජන් සමඟ පවසද්දී  ඔහුගේ දෙනෙත් වලට කඳුළු පිරෙන ආකාරය දුමාල් මෙන්ම නෆ්‍රාස් ද දුටුවේය ....

" එතකොට ඒ දෙන්නා මැරි කරලා අවුරුදු එකහමාරක් විතර වෙනවා....."

වේදනාවෙන් නමුත් සියල්ලට නිහඬව ඇහුම්කන් දුන් රාජන් අවසානයේ එලෙසින් අසද්දී නෆ්‍රාස් ඔව් යැයි හිස සැලුවේය .........

" ඒක තමයි එහෙනම් මම එක පාරක් මෙනිත් ගෙන් ගෑණු ළමයෙක් ඉන්නවද කියලා අහපු වෙලාවේ මම එන්ගේජ්  වෙලා ඉන්නේ කියලා කිව්වේ......"

වේදනාව පිරුණු සිනහවක් සමගින් රාජන් එලෙසින් කියද්දී දුමාල්  රාජන්ගේ කරට අතක් දමා ගත්තේය......

" දෛවය එකතු කරන බැඳීම් අපිට මොන විදිහකටවත් වෙනස් කරන්න බෑ රාජන්....... මෙනිත් ඉපදිලා තියෙන්නේ  මිස්ටර් ශාන් වෙනුවෙන් මයි....."

දුමාල් ගේ කතාව අනුමත කරන්නට රාජන් හිස සැලුවත් ඔහුගේ දෙනෙත් යොමුවී තිබෙන්නේ ශාන්ගේ මවගේ අතින් අල්ලාගෙන කතා කරමින් සිටින මෙනිත් අසලයි........

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now