දඬු මොණරු 12

Start from the beginning
                                    

"අයියගෙ යාළුවොත් එනවද කොල්ලො"

මගේ හිතේ තිබ්බ ප්‍රශ්නෙ ඇහුවෙ නම් අනූප සර්.

"මගේ උපන් දිනේ උනාට පාටි එක තියෙන්නේ අයියගෙ යාළුවන්ට තමයි සර්, අපේ ගෙදර මොනව තිබ්බත් එයාට යාළුවෝ ටික ගෙන්නන්න ඕන ඉතින්"

"අර වදකාරයත් ඇවිත් ඇති නේද එහෙනම්"

තුහින සර් නළල අත ගගා හරී කලකිරුණ විදියට ඇහුවා. හිනා මල නිසා බිම් මලේ ෆ්‍රෙෂර් වැඩි වෙනවා කොයි වෙලේ හරි.

"එයාලා උඩට එන්නේ නෑ සර්, එළියේ මේසයක් එහෙම ලෑස්ති කරලා තියෙන්නේ අයියා"

"අම්මෝ යාන්තන් ඇති, නැත්නම් අර යකා ඇවිත් දත් තිස් දෙකම එළියේ දාගෙන හිනා වෙන්න ගත්තම මට දත් ටික ගලවලා අතට දෙන්න හිතෙනවා"

ඒ උනාට මට දුකයිනේ, අද දවසටම එයාව දැක්කෙ නෑ. එයා දන්නෙ නැතුව ඇති මමත් ඇවිත් ඉන්නෙ කියලා, පස්සෙ හෙමින් පහළට ගිහින් බලලා එන්න ඕන.

දුවික අයියත් දෙතුන් පාරක් ඇවිත් අපි එක්ක කතා කරලා ගියා, එයා සර්ලා දෙන්න එක්කත් හරිම එකතුයි, එයා ආයෙත් එද්දි ආවේ අමුත්තෙකුත් එක්ක, තඹර අයියා......

"මං සදා නැන්දට කෑම එකක් ගිහින් දෙන්න ගිය ගමන් තඹර වත් එක්ක ආවා ඔන්න"

තඹර අයියා ඇවිත් ඉඳ ගත්තේ මගේ ළඟ. එදා කුඩේ යටට ඇවිත් කතා කරලා ගියාට පස්සෙ අපි කතා කරෙත් නෑනෙ.

"මේ ඔය තුන් දෙනාට මොනව හරි බොන්න ගෙනත් දෙන්නද.....පහළ තියෙන ඒවගෙන් "

දුවී අයියා සර්ල දෙන්නගෙනුයි තඹර අයියගෙනුයි ඇහුවත් තුන් දෙනාම එපා කිව්ව.

"අපි දෙන්නා නම් ඉතින් බෝඩිමේ ඉද්දී බියර් එකක් එහෙම බොනවා, ඒත් අද බෑ දුවික මල්ලි "

අනූප සර් කියද්දි දුවික අයියත් ආයෙත් ඒ ගැන ඇහුවෙ නෑ, කොහොමත් අපි ඉන්න තැන සර්ලා බොන එකක් නෑ.

"නේත්‍රයෝ.... ආ මෙන්න ෆෝන් එක "

චවියා මට ෆෝන් එක ගෙනත් දුන්නම මං ආසාවෙන් ඒක අතට ගත්තේ.

"කොහෙන්ද චවික මල්ලි මේ"

"ආ මේ අපේ අයියගෙ යාලුවෙක් ගෙන් අඩුවට ගත්තේ තඹර අයියෙ. නේත්‍රට ෆෝන් එකක් නැති නිසා"

දඬු මොණරු Where stories live. Discover now