විසි තුන්වන ස්වරය ♥

Start from the beginning
                                    

"රන් අරුනැල්ලේ පීදෙන
සාර කෙතේ නුඹ හිඳිනා
නිල් පවනැල්ලේ රැලි නගන
වැවේ නුඹ හිඳිනා

අප්පච්චී අප්පච්චී නුඹයි රටට අප්පච්චී...චී චී...අප්පච්චී....ඕ යේහ්හ්හ්."

මගෙ කොල්ලගෙ ඇස් ටොම්බා සයිස් වුනා...කට ඇරුනා...මූ දැන් නිකන් සොම්බි ෆිලුමක ඉන්න සොම්බියෙක් වගේ සුදුමැලි වෙලා...

හැබැයි තප්පරේට පුදුමෙන් කේන්තියට මාරුවුන මගෙ ඇටයා ඔලුව පිටිපස්සට දුන්නු පාරට නැති චූ බරකුත් ලෝඩ් වුනා මට.

"ආව්ව්...මොකද ගොනෝ ගහන්නෙ."

"මොනාද ඕයි ඔය කියන සින්දු...මිනිස්සුන්ට ඇහුනොත් ගුටි කන්න වෙන්නෙ..."

"ආ හරි හරි අනේ....ජෝක් එකක් කලේ....ඒකෙන් වැඩක් නෑ...දැන් මොකක්ද ඔය අපේ සින්දුව..."

"අනේ...තවුසෙට මතක නෑ නේද මිනියෝහ්හ්හ්...ඕම තමයි...පහු පහු වෙනකොට කොහු කොහු වෙනවනෙ..."

"මෙන්න මෙහෙ වරෙන් මගෙ මෝඩ කොල්ලා....මට අමතක වෙනවද එහෙමත්...ඔන්න එහෙනම් අහගන්න.....😁"

"එක හීන රෑක දෑත දෑත යාවෙලා
හිම රේනු නෑවි නෑවි තුරුලුවෙලා
ඔබ නේද ඈත ඈත ඈත පාවෙලා
සිත ආයෙ ආයෙ ආයෙ සොයන කෙනා "

"අනේ ලස්සනයි ශුඩු මාත්තයා...."

."ම්ම්ම්ම්...තැන්කූ මැනික...මේ ඔයාට මොනාහරි කන්න ඕනිද".

"එපා දැන් කන්න බෑ අනේ...මහන්සියි."

"ම්ම්ම්...එහෙමනම් නෙස්කැෆේ එකක අරන් දෙන්නද."

"ඒත් එපා ...මේ රස්නෙ බොන්න බෑ අනේ."

"ආ....එහෙනම් ඉතින් වාඩිවෙලා හිටු ට්‍රේන් එක එනකල්..."

"ඉන්නවා තමා...හහ්..."

"ඉතින් ඉඳපන්...හුහ්..."

අපි දෙන්නම ඉතින් දෙන්නට දෙන්නා ගස්සලා අහක බලාගත්තා...මූ මේ හුරතල් වෙනවා මන් එක්ක...හිවල් පැටියා මගෙ...හැබැයි වැඩිවෙලා එහෙම ඉන්න වුනෙ නෑ...දෙන්නම හොරෙන් බලන්න ගිහින් දෙන්නම දෙන්නට මාට්ටු වුනා...ඒ එක්කම හයියෙන් දෙන්නටම හිනාගියා.

"මොකද ටෝ...නෙමටෝඩා."

"ඇයි ඇයි මොකජ මොකජ ...මොලූස්කා."

තත් 🔞Where stories live. Discover now