58... පනස් අටවෙනි හීනය...... 🪷

Почніть із самого початку
                                    

ඒ Camorra මාෆියාවේ අනාගත උරුමකරුට ඇයව විවාහ කරදීමට සූදානම් වීමයි........... මීට විරුද්ධව මව සමග කොයිතරම් අරගල කරත් ගැලවීමක් නැති බව ඇය නොදන්නවා නොවේ...... ඉතින් මේ ප්‍රශ්න වලට දුමාල් වැනි අහිංසකයෙක් පටලවා ගන්නට අකමැති නිසාම ඇය ඔහුගේ හිතට බලාපොරොත්තු ඇති නොවන ලෙසින් හැසිරෙන්නට වග බලා ගන්නේය.........නමුත් ඉතින් අනිත් අයට වඩා ඔහු සමග තියෙන කුලුපග බව නම් ඇය නතර කරන්නේ නැත.........

අනෙක් පැත්තෙන් දුමාල් උනත් ෆෙයෙමින්ග්  පිළිබඳව අසා තිබෙන්නේ හොඳ කටකතා නොවන නිසාත් මීට පෙර ආයතනයේ සිදුවූ සමහර සිදුවීම් පිටිපස ඔහු සිටින බව දන්නා නිසාත් , ෂියාඕ ෆැමිලි එකට ඔහු සම්බන්ධ වී සිටියත් සිදු කරන්නේම එම පවුලට වින කැටීම බව අසා තිබෙන නිසාත් හදවතට දැනී තිබෙන හැඟීම් ඔහු සඟවාගෙන සිටිනවා යැයි කීවොත් නිවැරදිය.........

" සමහර ප්‍රශ්න තියෙනවා ටානි කාටවත් කියලා තේරුමක් නැති...... මට ඒවට මුහුණ දෙන්න බැරි උනාට ඒවගෙන් පැනලා යන්නත් බෑ........එදා වේල හම්බ කරගෙන කන නැති බැරි පවුලක ඉපදුනා නම් හොඳයි කියලා මට හිතිලා තියෙන වාර ගාන මටවත් මතක නෑ........"

ඇය වේදනාවෙන් එලෙසින් කියද්දී ටානි ඇගේ අතකින් අල්ලාගත්තේය ...

" මට තේරෙනවා........ ඒත් අපෙන් මොනවා හරි උදව්වක් ඕන්නම් කියන්න.......ඔයා දන්නවනේ අපේ සෙට් එක බෙල්ල ගහල ගියත් උදව් කරන්න කැමැත්තෙන් ඉන්නේ කියලා.........."

ටානිගේ කතාවට මිනාමි සිනාසුනේය ....... පෙර දිනයේ තම පියා චීනයට පා තබා තිබුණත් මේ වනතුරුත් නිවසට පැමිණ තිබුණේ නැත...... අද උදෑසන සීයාපපා  මව සමග පැවසුවේ ඔහු හැරන් සීයාපපා ගේ වැඩ කටයුතු කිහිපයක් සඳහා කාර්යබහුල වී සිටින බවයි...

ඒ කතාවේ එතරම් හිතන්නට දෙයක් නොතිබුණත් ඒ මොහොතේ පටන් තම මව කලබල වී සිටි ආකාරය මිනාමිට ගැටලුවකි.......

" එහෙම වැඩකට යනවා නම් එයා ඒක මට කියනවනේ .......ඇයි පපා ඒක මට කියන්නේ........ කෙලින්ම වන්ග් බංග්ලෝ එකට යනවා කිව්වා...... එතනින් එහාට කිසිම ආරංචියක් නෑ......."

හෙලේනා වේදනාවෙන් හෝ කලකිරීමෙන් පැවසූ අයුරු ඇයට ඇසුනි...

" ඔයා ඔච්චර කලබල වෙන්නේ මොකටද මමා...... මොකක් හරි හදිසි වැඩක් වැටුන හින්දනේ එහෙම පණිවිඩයක් කියලා තියෙන්නේ.......ඔයත් වෙලාවකට අනේ මන්දා......."

⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅Where stories live. Discover now