දඬු මොණරු 10

Start from the beginning
                                    

"ම්ම්ම් බලමුකෝ මට වැඩ හම්බ උනොත් හොදයි "

තාම පොද වැස්ස ඉවරත් නෑ, ඒ නිසා කොහේවත් යන්න වෙන්නෙත් නෑ, මේ චුරු චුරුව නිසා ගේ අස්සට වෙලා තමයි ඉන්න වෙන්නේ, කාමරේට ඇවිත් පොත් ටික අරන් කරන්න දීලා තිබ්බ ගෙදර වැඩ ටිකත් ඉවර කරන්න ගත්තා.ඒත් ඉතින් හිත ඇතුලෙන් ප්‍රශ්නයක් හොල්මන් කරද්දි ඒ ප්‍රශ්ණෙට හේතු උන රූපෙ ඇස් අස්සේ හොල්මන් කරද්දි ඒ වැඩ කර ගන්නත් බෑ.ඇත්තටම යශ් අයියා මට එක පාරටම ලං උනේ ඇයි. එයා මුලින් හිටියෙ මාව පෙන්නන්න බෑ වගේනෙ....

°
°
°

"ඔන්න උඹේ වැඩේ හරි,මාත් එක්කම වැඩ කරන්න පුළුවන්, අද යමන් මාත් එක්ක පැයක් විතර ඉදලා උබට එන්න පුළුවන්, ඊට පස්සේ හෙට ඉඳන් වැඩ කරන්න පුළුවන්"

"අඩෝ ඔය ඇත්තමද, උබ ඇහුවද, කාගෙන්ද ඇහුවෙ"

"පොඩි මහත්තයාගේ දේවල් ගැන හොයල බලන්නේ සේන මහත්තයා කියල කෙනෙක්, එයාගෙන් ඇහුවම එයා පොඩි මහත්තයට කෝල් කරල කිව්ව, පොඩි මහත්තයා කැමති උනා "

"අනේ ඒක නම් ලොකු දෙයක් බං"

උදේ ඉස්කෝලෙ යද්දි මං එනකන් කඩුල්ල ළඟට වෙලා හිටපු හසා එක්ක කතා කර කරම චවියලගෙ පාර ළඟට යද්දි හසා කිව්ව මටත් එයත් එක්ක වැඩට යන්න පුළුවන් කියලා, ඒක නම් සතුටු හිතෙන ආරංචියක්.

චවියලගෙ පාරෙ ටිකක් ඈතින් එයාලා එනවා පේද්දි අපි දෙන්නා මඟ නැවතිලා බලන් හිටිය එයාලා එනකම්.

"නේත්‍ර ඇයි මෙතන ඉන්නෙ, අපි එක්ක යමු"

මානවී අක්කයි, අනගියි කොහෙන් මතු උනාද මන්දා, පිටි පස්සෙන් ඇවිත් කතා කරනකම් දන්නෙ නෑ.

"චවී එහෙම එනකම් ඉන්නෙ අක්කෙ ඔයාලා යන්න"

චවීලා එනවා දැක්ක ගමන් එයාගෙ මූණ ඇද උනා, එදා අහ ගත්ත දේවල් මතක් වෙන්න ඇති. ඒ වෙලාවේ අපි ළඟටම ඇවිත් බයික් එකක් නවත්තද්දි මං බැලුවේ කව්ද කියලා, අර රස්තියාදු නඩේ ඉන්න එකෙක්.

"මොකද තමුසෙ මෙතන ඉස්කෝලෙ යන්නෙ නැද්ද"

ඒකා මටත් රවන ගමන් ඇහුවෙ මානවී අක්කගෙන්.

"මේ යන ගමන්, නේත්‍රව දැකලා කතා කරේ"

"ආ මූද තමුසෙ හැම තිස්සෙම කියවන නේත්‍ර"

දඬු මොණරු Where stories live. Discover now