10

31 11 0
                                    


ඒඑ දැක්ක රූපය එක්ක මන් නිකන් ගල් ගැහුනා වගේ එකක් උනා . මෙ  තරම් ලස්සනක් . ඒකත් හොල්මනකට ?

" yes මම ලස්සනයි .ඒත් හොල්මනක් නෙවේ .  " එයා මන් හිතපු ඒවා කියන්න ගත්තා . වාහ් ..

" ඒ ... ඒ ඔයාද එත්කොට ? . මට අමතක උන මතකයේ ඉන්න සුදු අඇදගත්ත කොල්ලා ඔයාද ? . ඔයත් ගොන්ජියම් හොස්පිටල්  එකේ හිර වෙලාද හිටියේ . අඇයි අඇයි මට මේවා අමතක " මන් කදුලු පුරවන් අහනවා එක්ක එයාගේ අඇස් සොෆ්ට් උනා

" ඒ මම තමයි . මන් අර්ද දෙවියෙක් .  ඇයි මේ සේරම අමතක කරවලත් ඔයා මෙහෙට ආවේ ? " 

"  ඔ ඔයාද ඒ සේරම අමතක කෙරෙව්වේ ? . ඇයි එහෙම කරේ ? මන් ඔයා ගැන හැමෝටම කිව්වම එයාලා කිව්වා මට පිස්සුලු " මන් බාගෙට අඩන ගමන් ඇහුවා .

" මන් ඒ මතක අමතක කෙරෙව්වෙ නැත්තම් ඔයා ශක්තිමත්ව ඉදිරියට යයිද ලියෝරා ? .. පුන්චි කාලේ ඔයා මන් පස්සෙන් ඇවිත් වතුරෙ ගිලුන එක, එදා පිරිමි කෙනෙක් එක්ක ඇවිත් කකුලට නයෙක් දශ්ට කරපු එක , වලට වැටිලා ඔලුවෙ පැත්තක් තුවාල කරගත්ත මතක ඔයා ගාවම තිබ්බොත් ඔයා මේ ඉන්න තරම් ශක්තිමත්ව ඉදීවිද ? කියන්න ලියෝරා ?  එහෙම වේවිද ?" ඒ පිරිමි කෙනා එක දිගට මගෙන් අහගෙන ගියා . එ එයා මගේ නමත් දන්නවද  එතකොට ?

" ඔව් දන්නවා . ඔයා පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙන විදිහ මන් මේ දූපතේ ඉදන් දැක්කා . ඔයාට නොදැනි මන් සමහරදාට ඔයා ගාවින්මත් හිටියා . හිතනවද මන් හැමෝම වෙනුවෙන් කාලය ආපස්සට  ගනීවි කියලා ? " එයා එහෙම අහද්දි මන් නිරුත්තර උනා . එයා ඇත්තටම මන් වෙනුවෙන් දේවල් කරලා . ඒත් අඇයි ? . මොකටද ? මන් සාමාන්‍ය මනුස්සයෙක් නේ

" ඇයි එහෙම කරේ . මන් වෙනුවෙන් " මන් වචන එලියට දාද්දි එයා ලාවට හිනා උනා ..

" ඔයා විතරනේ  මට බය නොවුනේ . අමතක කරවන කරවන සැරයක් ගානේ ආපහු මාව හොයන් ආවේ . ඒහෙම කරේ ඔයා විතරක් ඇම්බර් ඇයි අයිතිකාරිය "  එයා කියන්න ගත්තා . ඇත්තමයි මන් නම් හොල්මන් වෙලා ඉන්නේ . හිත කොනක අම්මට බෑනෙක් ඕන නේද කියන අදහසත් නොතිබ්බමත් නෙවේ ඉතින්. ඒත් මන් හිතන එක නතර කරලා එයාගෙන් අහන්න ගත්තා මගේ ප්‍රශ්න  ටික

" ඇම්බර් ඇස් ? "

" හ්ම්... වනාන්තරයක ගින්නක් වගේ තියෙන ඇම්බර් ඇස් වලට හදේ ( 🌙 ) රහසුත් පේනවා . හරියට ලූනරිස්ගේ රහසත් හොයාගත්තා වගේ. " එයා හින උනා . මෙයා තමා එහෙනම් ලූනරිස් . වාහ් ඇත්තමයි මන් කියන්නේ මන් මේ තරම් ලස්සන මනු- අමනුස්සයෙක්ව දැකලා නෑ . ඒක හිතද්දි මම් එයා ඔරෝගත්තා . අමනුස්සයා කියපු නිසා වෙන්න ඇති

" හරි . සේරමත් හරි . ඔයා අර්ද දෙවියෙකුත් කියමු . ඔයා ලූනරිසුත් කියමු .  ඒත් මොන එහෙකටද දූපතක් අස්සෙ ඉන්නෙ . ඒ කාලේ ඉදන් ? " මන් අඇහුවා . තර්කන බුද්දිය හුම්.

"  මාර්තු මාසේ ලිලී පිපෙනවා ලියෝරා . ඒත් ගොන්ජියම්  හොස්පිටල්  එක නිසා මැරුන තරුන අයට එක මලක් වත් හම්බ වෙන්නෙ නෑ . ඉතින් එයාලට තනිකම හොදටම දැනෙනවා . ඒ ආතම රකින්නයි මන් මෙතන ඉන්නෙ "     එයා කියනකොට මන් බැලුවේ වට්ස් පිටාව . ඔහේ ගමන් කරන හොල්- නෑ නෑ තරුන ලමයින්ගේ ආත්ම එක්ක මන් දිහා කෙලින් බලන් හිටියේ අර හුරතල් කොල්ලා . බයට කෙලත් ගිලෙද්දි මන් ආපහු ලූනරිස් දිහා බැලුවා . නමක් නැද්ද මන්ද. අම්මට කොහොමද කියන්නේ බෑනගෙ නම ලූනරිස් කියලා ??

මන් හිතනකොට අර හුරතල් කොල්ලා වක්කඩට පයින් ගැහුවා වගේ හැක හැක ගාලා හිනා වෙන්න ගත්තා . ඒ අස්සේ ලූනරිස් අහක බලාගත්තා .

" ජින්.. kim seokjin  ! "  මොකක්දෝ හේතුවකට එයා එහෙම කියලා අනිත් පැත්තම හැරිලා හිටියා .  මමත් ෆෝන් එක බලනකන් වෙලාව  ගානක් උනේ නෑ .

" දෙයියනේ අම්මා මාව හොයනවත් ඇති " මන් එහෙම කිව්වා විතරයි ලූනරිස් නැත්තම් ජින් මගේ පැත්තට නැමුනා . කම්මුල මත තොල් දෙකක් ගෑවෙනවා එක්ක ආපහු හුරතල් කොල්ලගෙ වක්කඩ වගේ හිනාව ඇහෙද්දි  Beep Beep Beep

..

"utte එලාම් එක !!!! ." මට ඇත්තටම කෑ ගැහුන .  කිස් එක අපරාදෙ .... ඒ  ගමන් මන් බැලුවේ ෆෝන් එකෙන් වෙලාව . 2024 / 03 / 06 . 11 : 11 A.M .  ඒඑ කියන්නෙ  මන් ඉන්නෙ මුල්ම දවස .




එතකොට..



"ටයිම් ලූප් උන හැම සැරේම එයා මාව කිස් කරලද !!? "

In That Dream We Met | KSJHikayelerin yaşadığı yer. Şimdi keşfedin