🏏 දෙවන පන්දුව

368 44 3
                                    

"මෙහෙර්..ඔබ හිතනවද මේ තරඟාවලියේදි ඔබට දක්ෂතා අතරට එන්න පුලුවන් වේවි කියලා.."

"වෙන්නත් පුලුවන්..නොවෙන්නත් පුලුවන්.."

"ඔබට ඇයි කෙළින් පිළිතුරක් ලබාදෙන්න බැරි..ඔබට විශ්වාසයක් නැද්ද ඒ ගැන.."

"මට පේන කියන්න බැරි නිසා ඔබතුමාට හරියටම පිළිතුරක් දෙන්න මට බෑ.."

කන්ෆරන්ස් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම තමන්ව අපහසුතාවයට පත් කරන්න හදන මාධ්‍යවේදියගෙ මූණටම අසලිය එහෙම කියද්දි අසලියට එහාපැත්තෙ හිටපු අකේශ් තොල් හපාගෙන හිනාව නවත්තගන්න ට්‍රයි කරේ ගනිදුයි දිල්හාරයි දාගෙන රවද්දි

කාලෙකට පස්සෙ ආපු t20 සීරිස් එක නිසාම ටීම් කැප්ටන් ගනිදු එක්ක දිල්හාර,අසලිය,අකේශ් සහ විමත් කන්ෆරන්ස් එකට සහභාගි වෙලා ඉද්දි හෙඩ් කෝච් වගේම ක්‍රිකට් බෝඩ් එකේ හෙඩ්ලත් එතන හිටියා..ආපු වෙලාවෙ ඉඳලා අහන විකාර ප්‍රශ්න නිසාම පස් දෙනාම හිටියෙ හෙම්බත් වෙලා..වැඩිපුරම අසලිය..ජීවිතේ අමාරුම කාලයක් ගෙවලා අමාරුවෙන් ආයෙමත් පරණ ජීවිතේට ආපු අසලියට මේවා හරි කරදරයක් උනා..ඒ වගේම ගෙදරින් එළියට බහින්න කලින් උනු යම්කිසි සිදුවීමක් නිසා එයා හිටියෙ ටිකක් කේන්තියෙන්..

"දෙමාපියන්ගෙ අභාවයෙන් පසු ක්‍රීඩා කරන පළමු තරඟය..අසලියට කොහොමද දැනෙන්නෙ.."

තවත් මාධ්‍යවේදියෙක් එහෙම අහද්දි අසලියගෙ ඇස් රතු උනේ දුකටද කේන්තියටද කියලා එයාටම හිතාගන්න බැරි උනා..කොහොම උනත් අසලියට දෙපැත්තෙන් හිටපු අකේශ් වගේම විමත් අසලියගෙ අත් දෙකෙන් අල්ලගත්තෙ එයාට හයියක් වෙන්න..

"ඔබතුමා ඔය වගේ ප්‍රශ්නයක් ප්‍රසිද්ධියේ අහලා මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ.."

ටීම් එකේ ඉවසීමක් නැතිම කෙනා දිල්හාර කේන්තියෙන් එහෙම අහද්දි ඒ ප්‍රශ්නෙ අහපු මාධ්‍යවේදියට කට උත්තර නැති උනා..ඒ වෙද්දිත් අසලියගෙ ඇස් වලින් වැටුනු කඳුලු අකේශ්ගෙ වගේම විමත්ගෙත් අත් තෙමලා තිබුනා..කොච්චර හයිය චරිතයක් කියලා පෙන්නන්න හැදුවත් අසලිය අසරණ වෙන්නෙ ඔය මාතෘකාව ළඟදි..

Not Out 🏏♥️Where stories live. Discover now