🥀 Chap 08

48 6 1
                                    

කලබලෙන් ලංකාවේ එන්න හිටපූ මමත් යීවාන් නුත් ආයේ ලංකාවට ආවේ ඉතාලියේ සති දෙකක් ඇවිදින්න පුළුවන් හැමතැනම ඇවිදලා.. ඒත් එයාපොර්ට් එකෙන් එලියට බහිනකොටම වෙනදාට වඩා ගාඩ් එකක් දෙනකොට මගේ හිත ගැස්සුනා. මම මගේ ලගම හිටපු ගාඩි ගෙන් දෙයක් අහන්න හිතුනේ සැකේ නිසාමයී.

"Why have so many defenders come? "
""Madam said. Let's go to Suriyaarachi Mansion soon, sir. It is not appropriate to stay outside for too long."

එතනින් එහාට කිසිම දෙයක් නොකියා මම වාහනයට නැග්ගා. ඒත් මොකක් හෝ දෙයක් සිද්ද වෙලා තියෙනවා කියලා නම් මට නොතෙරුනා නෙමෙයි . මෙන්ශන් එකට යනකම් පාරෙ ගහකොල දිහා බාලාගෙන යනකොට මගේ අත්වලට දැනුන ස්පර්ශයට ගැස්සිලා මම කල්පනාවෙන් එලියට ආවා.

" මොනවාද ශාන් කල්පනා කරන්නේ ?"
"මුකුත් නෑ යීබා "
"මුකුත් නැත්තම් ඇයී බබා ඔයා මම අල්ලනකොටත් ගැස්සුනේ ම්ම් "
" මට අමුත්තක් දැනෙනවා යීබා..."
"කෝ මට තුරුල් වෙන්න.."

අත් දෙක දෙපැත්තට  කරලා එයාගේ පපුතුරුලට කතා කලාම මම දෙපාරක් නොහිතාම එයාට තුරුල් උනා. සුවදයී. ඒයා ගාව එන chanel soft perfume සුවද ලාවට ඇස් බර වෙලා තිබුණූ මට සුවබර නින්දක් ගෙනත් දෙන්න ගත්තා. විටින් විට දැනුන  හිස් මුදුන් හාදුව මාව තවත් සංසුන් කරනකොට මුලූ ඇගේම බර එයාට දිලා මම එයාට තුරුල් උනා..

"බබා , නැගිටින්න අපි ගෙදර  ආවා.. "
"ම්ම්හ්.."

දෙතොල් අගට ලාවට හාදුවක් තියලා යීවාන් කාර් එකෙන් බැස්සා. මාත් ඉක්මනින්  එහෙ මෙහෙ උන ඇදුම හදාගෙන බැහැලා  ගෙදර ඇතුලට ගියා. අද මුලු මෙන්ශන් එකෙම ලයිට්ස් දාලා. හැමතැනම ගාඩ් එකත් ඉන්නවා. ආයේමත් අර අමුතු හැගීම මාව වෙලා ගන්නකොට මම ඒ ගැන යීවාන්ට ඒත්තූ නොගන්වා ඇතුලට ගියා.
සූරීයාආරච්චී ෆැමිලි එකේම ලෝයස්ලා , වික්‍රමසිංහ  ෆැමිලි එකයී, ශාමී ආන්ටී නදීර් ගේ තාත්තා හැමෝම හිටියා.. එයාලා හැමෝම සාමාන්‍ය විදියට ඉන්න හදනවා වගේ දෙයක් මට තෙරුනා. මෙතන අඩුපාඩුවකට තිබුනේ මොකද්ද කියලා මම වටේම ඇස් ගෙනියනකොට මට තෙරුනා අඩුව..

" අම්මාහ්, Where is Nadeer and Yiwani ?"

කට්ටියම මගේ වචන ටිකට ඇයි මෙච්චරම බය වුනේ කියලා මට හිතා ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මෙච්චර  වෙලාම ශාමී ආන්ටී එක්ක කතා කර කර හිටපු යීවාන්ට පවා මම කියනකම් එයාගේ නංගී මෙතන නෑ කියලා  තෙරුනේ නෑ. මම ඒ එක්කම නදීර් ට කෝල් එකක් ගන්නකොට දොර ගාවින් එයාගේ පෝන් එක රින් වෙන සද්දේ ඇහුනා. එයා දිහා හැරිලා මම එයාගේ ඉස්සරහට ගියේ මේ වෙන දේවල් හොයා ගන්න හිතාගෙන..

The Echo of Avenged Love ( Complete)Where stories live. Discover now