🥀 Chap 03

55 7 1
                                    

මම නවීනයා එක්කයී මිහාඩ් එක්කයී ආකේඩ්  එකේ ෆුල් ආතල් එකක් අරගෙන මෙන්ශන් එකට ආවා.ඇවිල්ලා වොශ් එකක් දාලා කෑම මෙසේ වාඩී උනේ හරියටම 8.30. කෑම මේසේ තියෙනවා වගේම හරියටම 9.00 කෑම මේසේ අස් වෙනවා.. ඒක තමයී වික්‍රමසිංහ මෙන්ශන් එකේ නීතීය උනේ..සුරියආරච්චි ෆැමිලි එකත් මේ වගේම තමයී.. 8.45 වෙලත් ශාන් කන්න පහලට ආවේ නෑ...

"ආයා අම්මා  ආයා අම්මා...."
"චූටී බේබී , මට කතා කොලාද ?"
"ම්ම් ,අයා අම්මා ශාන් ඇයි කන්න එන්නේ නැත්තේ ?"
"ශාන් බේබී ආව වෙලේ ඉදන් කාමරේ, එලියට ආවේ නෑ.."
"ආයා අම්මා  එයාට කෑම එකක් බෙදනවාද ? මම ගෙනියන්නම්"

මමත් ඉක්මනින්  කලා ආයා අම්මා දුන්න කැම එකත් අරගෙනම උඩට ගියේ ශාන් මෙහෙම හැසිරෙන්නේ ගොඩක් අඩුවෙන් නිසා..දොරට තට්ටුවක් දාලාම මම දොර ඇරගෙන යනකොට ඉන්න විදිය දැකලා මම එක පාරටම බය වුනා... ඇදෙන් එලියට අතක් දාගෙන ඒ අතෙන් කොලයක් අල්ලන් මූ හිටියේ සික් ගහලා අත කපා ගත්ත එකෙක් වගේ... කැම පැත්තකින් තියලා කාමරේ ඩිම් ලයිට් එක නැතුව අනික දැම්මේ මූට මොකද උනේ බලන්න.. ඇද ගාවීන් වාඩී උනේ ඌට මම අවා කියලා දැනුනේවත් නැති නිසා..

"ශාන්, මොකද මේ... උබට මොකද බං උනේ...ගහක් ගලක් වගේ හිටපු එකා හෙනයක් වැදිලා වගේ..."

"ම්ම්ම්... හෙන විතරයී මට අඩූ..."

"ශානා , යීවාන් උබව ඇදගෙන ගියෙ ඇයී ? ඒ ඇටයා උබට කතා කලේ උබේ අප්පච්චී වගේනෙ බං.."

ශාන් ගේ අතේ තියෙන කොලේ අරගෙන මම බලන්න ගත්තේ එතකොට ..එකේ ඉන්නවා පොඩි කොල්ලෝ දෙන්නේක්.. එක කොල්ලෙක් කියනවා.. You are the person I hate the most in this world. චිත්‍රය කොනේ තිබ්බේ Art by Y කියලා..

"ශාන් මේක මේ..."
"හ්ම්ම්, ඌ ඇදපු එකක් තමා.. එතකොට  ඌට අවුරුදු  04 යී.. මට අටයී..."
"ඉතිං ඇයි මේක උබ ලග.....මෙච්චර  කාලයක්.."
"මොකද ඌ තමයී මට මේ ලොකේ වැඩියෙන්ම හේට් කරන එකා... හේතුවක් නැතුව..."

"ශාන් කියපන්කෝ ඌ මොකද අද කිව්වේ ? නැගිටපන් නැගිටපන් මම අත හොදන් ඇවිල්ලා කවන්න.."

මලක් පරවෙලා වගේ ඉන්න ශාන් ව නැගිටවලා හෙඩ් බෝඩ් එකට හෙත්තූ කරලා මම අත සෝදගෙන ඇවිල්ලා මූට කවන්න හැදුවා.. අද තියෙන්නේ මුගේ ආසම කෑම එක ..සම්බා බත් වල බලමාලූ  ඇබුල් තියල් ,අඹ ,පරිප්පු එක්ක කරස් ගාලා හැපෙන පපඩම්..තව මූ ආසම නිසා බැදුම්.... හෙමින් කටක් අනලා කට ගාවට දික් කරාම තාරා පැටියා වගේ කට ඇරියා.. ඌ කට පිහිදානකොට තමයී මම දැක්කේ දකුනූ අත රතු වෙලා තියෙනවා ..

The Echo of Avenged Love ( Complete)Where stories live. Discover now