විසිදෙවන ස්වරය ♥

Start from the beginning
                                    

කෝමහරි හැමදේම අස් පරස් කරලා ඉවර වෙලා අපි හැමෝම එකතු වුනෙ අප්ඒ සාකච්චා මන්ඩපේට...අපේ කුස්සිය.

අම්මා උයනවා...නංගි දොරකඩ බැංකුවේ...සොරි බංකුවේ...නෙතූ හිරමනේ උඩ...මම පැන්ට්‍රි එක උඩ.

"නෙතූ පුතේ...දන්නවද අපේ එක්කෙනා දැන් අවුරුදු ගානක් තිස්සේ කියනවා බඳින්නෙ නෑලු..."

අපේ අම්මා ඇදලා ගත්තෙ මම අකමැතිම මාතෘකාවක්...මම කවදාවත් කසාද නොබඳින තීරනේට අඅවෙ දහය වසරෙ මුල...ඒ වෙද්දි මට ගර්ල්ස්ලා එක්ක අෆයාර්ස් කීපයක්ම තිබිලා ඉවරවුනා...ඉතින් අපේ අම්මා හිතුවෙ මම මේ බඳින්න ඕන න්ඈ කියන්නෙ ඒ කාපු බූට් වල රස හොඳට දැනුනු නිසා කියලා....ඒට්බ් ඇත්තම හේතුව මට කවදාවත් ගර්ල් කෙනෙක් ගැන ලිංගික ආසාවක් මිස ආදරයක් ඇති නොවෙන එකයි...ඒත් අපේ අම්මා පරාජය බාරගන්න සූදානම් නෑ..

"ඔහොම කියන අය තමා අක්කෙ සේරටම කලින් බඳින්නෙ..."

අපි තුන් හතර දෙනාම උඩ ගියා...මොකද ඒ උත්තරේ අපි කට්ටියගෙන් නෙවෙයි...ඇවිත් තිබ්බෙ සාංචි අක්කා...අඩුපාඩුවත් ඇවිත්...මොනාහරි කෑමක් තමා...

"ආ අක්කේ...මෙන්න ඔයාලට...හවස හැදුවෙ...දන්සල නිසා ගෙනත් දෙන්න වුනෙ නෑ..."

"මොනාද සාංචි අක්කේ ඔය..."

"නමක් නම් දන්නෙ නෑ...ක්‍රීම් ක්‍රැකර් වලින් හදන්නෙ."

"ඉතින් අපිටත් කියනවකො නංගි හදන විදිහ...ක්‍රීම් කැකර්නම් වියදමත් අඩුයි...මුන් කෝමත් හවස් වෙද්දි මාව මරන් කන්න හදනවනෙ බඩගිනියි කියලා....."

"පොඩි සැමන් ටින් එකක සැමනුයි ලූනු , සුදුලූනු , අවුමිරිස් , තක්කාලි මුලින් පොඩි වෙන්න අනාගන්න ඕන...පස්සෙ තාච්චියකට තෙල් සූට්ටක් දාලා ලිපේ තියලා ඒකට සූදුරු , කෑලි මිරිස් , මිරිස් කුඩු , ලුනු කුඩු , කහ කුඩු එහෙම දාලා ඒකට ඔය සැමන් ටික දාලා පොඩ්ඩක් තෙම්පරාදු වෙද්දි ඒකට තම්බලා පොඩි කරපු අල ටිකකුත් දාලා පිරවුම හදාගෙන ක්‍රීම් ක්‍රැකර් දෙකක් මැදට ඕක දාලා බිත්තර සාරුවල පොඟවලා බිස්කට් කුටු ගිල්ලලා බැදගන්න තියෙන්නෙ...ලේසියි..."

"ඒ සාංචි අක්කෙ මාරම රසයිනෙ අප්පා..."

"ඔව් අක්කෙ...මාරම රසයි."

තත් 🔞Where stories live. Discover now