"Snowdrop!
Please don't cry!
I'm ok.
It was just a small fainting attack!"

මෝඩ අයියා තවත් විකාර දොඩවනවා.
මොන ෆේන්ටිංද!
අයියගෙ ඇඟේ සීනී හොඳටම අඩු වෙලා.
ඒකයි එයාව ඇදගෙන වැටිලා තියෙන්නෙ!

ඒත් ඉතින් ඕක මේ මිනිහට කියලා බැනගන්නවත් විදියක් නෑ මට.
මොකද මට පිස්සු වගේ!
අයියා!
මේ මගේ අයියා!
ඉතින් මගේ අයියට මොනවමහරි වුනා නම්!

"I'm really ok sweetheart!
Please stop crying.
I don't like an ugly husband!"

මේ මිනිහට මෙතනත් විහිළු.
කමක් නෑ දැනට හිනා වෙවී හිටපංකො.
ගෙදර ආවට පස්සෙ මං උඹේ කකුල් දෙකම කඩනවා ධානුවෝ!!!

අඬ අඬ ඉඳලම මගේ වෙලාව ඉවර වුනා.
අයියව හෙට දවසත් නවත්තගන්නවා කියලා එයාලා මට යන්න කිව්වා.

"Please stay safe ayye!
Please please saty safe!"

අමාරුවෙන් අකුරු ගලපගෙන එච්චරක් විතරක් කියාගෙන මං එලියට ආවා.

"Don't cut school Snowdrop!
I'm perfectly ok!
We have a mission!
Remember?
Please don't put all that in vain!"

මගේ මෝඩ මිනිහා බැරි බැරි ගානෙ කියවද්දි මට උගේ හොම්බ සමතලා වෙලා යන්නම දෙන්න හිතුනා.
පණ නැතුව ඇදගෙන වැටෙනකල්ම නොකා නොබී ඉඳලා දැන් මෙතන එනවා මට උගන්නන්න!

"FU#K YOU AYYE!!!
I HATE YOU SO MUCH!!!"

දත්මිටි කාගෙන මගේ ගොන් වහන්සෙට ඔළුව වනලා ආපු මං කාරෙක ඇතුලට ඇවිත් ගිරිය කැඩෙනකල්ම කෑගැහුවා.
.
.
.
.
.
.
අයියා ගෙදර ආවෙ පහුවදා හවස.
වෙලාවට එයාගෙ ලේ රිපෝට්ස් ඔක්කොම නෝමල්.
වෙලාව කන්න බොන්න කියලා, තව විටමින් ජාති වගේකුත් ගන්න කියලා එයාව ඩිස්චාර්ජ් කලේ.

එයා නම් ආපු වෙලේ ඉඳන් මොකාද වගේ විරිත්ත විරිත්ත හිටියා.
හැබැයි මං කතා කලේ නෑ.
මොකද මට එයත් එක්ක පුදුම තරහයි!

මේ මෝඩයා මට තුන් වේල කන්න දිදී එක වේලයි මාස ගානක් තිස්සෙ කාලා තියෙන්නෙ.
මං රෑට උදේට එහෙම ඉතුරු කරන කෑම තිබුනා නම් ඒ ටිකෙන් විතරයි ඉතුරු වේල් බඩ පුරෝගෙන තියෙන්නෙ.
ඉතින් මේවා දැනගෙන මං කොහොමද ජීවිත් වෙන්නෙ?
කාපු බීපු සේරම වමාරලා මට මැරිලා යන්නමයි හිතෙන්නෙ!

"Talk to me patiyo...
Please don't be like this.
I even told you what happened!"

"........................................"

මානස (Completed)Wo Geschichten leben. Entdecke jetzt