" ඒ මම යනවා....අපි හෙට ඔෆිස් එකෙදි මිට වෙමු..."

"හරි මචන්...පරිස්සමෙන් "

යස්මින් ගෙදර ගියේ අවුරුදු ගානකින් ඒකා එකාගේ අම්මා බලන්න යන්නේ.අපි අද ලංකාවට එනවා කියලා කවුරුත් දන්නේ නැ...අඩුම දහම් අංකල් වත් දන්නේ නැ...

" අප්පච්චි යන ගමන් අකිදු බලාගෙන යන්ද...."

"අනේ ඔව් අප්පච්චි මටත් දැන් අයියාගේ මුණ මතක නැ..."

"හරි..හැබැයි පාරේ ඉදන්..."

මම අකිදු බලන්න සතුටින් ආවා වුනත් මගේ බඩ පපුව හොස ගාලා ගියේ ඒකා ඇදන් හිටපු ඇදුම දැකලා වගෙම නැන්දා එකාට කතා කරපු විදිහ ඇහිලා...

" ඇ කාළකණ්ණියෝ අද දවසම ඔය වැඩේ කර කර ඉන්නද හදන්නෙ..උයන්නේ කවුද .... උබලගේ අම්මා වලෙන් නැගිටලා ඇවිත් උයනවද ....ඉක්මන් කරපන්..."

මගේ සුදු මල්ලි බිම පොල්කුඩු දලා මදිනවා...ඒ ඇදන් ඉන්න ඇදුම තැනින් තන් පුස් කාලා ....අනේ මගේ රත්තරන් ඇයි පන මෙහෙම වුනේ....

" අම්මා....!!,ඒ නැගිටින්න සුදු මල්ලි...පලයන් ඇතුලට . "

"පුතා..."

"අම්මා මේ ...මේ කොල්ලා මරාගෙන කන්න එපා ඒකා උදේ ඉදන් නැහෙනවා...අර ගෙට වෙලා ඉන්න උඩැක්කි වෙකට කියලා වැඩ කර ගන්නකෝ...ඇයි යකෝ අර පොඩි කොල්ලව කන්න හදන්නේ රෙද්ද"

ඒ යුමෙත් ....උබට විතරද බන් මගේ කොල්ලව රැක ගන්න පුලුවන් ...ටික දවසක් හිටපන්...මම එන්නම් උබව හම්බෙන්න...ගෙදර යන්න කියලා ආවා වුනත් අප්පච්චි ගෙදර නොයා ආවේ AkI &Yu එකට . ඒ තමයි සුරි අංකල් ගේ ඔෆිස් එක...ඒක සැහෙන්න වෙනස් වෙලා...මේ තරම් දෙවල් තියන් ඇයි මගේ කොල්ලා දුක් විදින්නේ...

" අප්පච්චි ඇයි අපි මෙතනට ආවේ..."

"පොඩ්ඩක් හිටපන් ...ආ...අන්න එනවා...."

ප්‍රසන්න අංකල් එනවා..හරි කලබලෙන් වගේ...

" සේනේ.....උබලා එහෙනම් ආවා නේද..."

"හ්ම්..ආවානම් තමා හැබැයඅගේ හිත කැඩුනා බන්...මට එක දෙයක් උබෙන් දැන ගන්න ඔනේ එකයි අපි මෙතනට ආවේ."

"උබලා අපේ ගෙදර ගියාද...."

"නැ..පාරේ හිටියේ..."

blessing for me ( yizhan )Where stories live. Discover now