දෙයියනේ ..මම හොයපු මම දකින්න ආසවෙන් හිටපු මගේ සුදු අයියා වෙන කවුරුත් නෙවෙයි මගේම මහාත්තයා ..ඉතින් පුදූමයක් නැ එයා මාව මේ තරම් ආදරෙන් බලා ගන්න එකයි...එයා මට කොච්වර ගැහුවා වුනත් බැන්නා වුනත් ඊළග තප්පරෙන් ඒ හැමදෙම අමතක වෙලා යන එක...මොක්ද එයා මට ආදරේ කරන්න ගත්තේ මම එයාට ආදරේ කරන්න ගත්තේ අදක ඊයක නෙවෙයි ...
රත්තරන් මගේ පැටවුන්නේ දන්නවද මේ ලෝකේ ඉන්න ආදරණියම මහාත්තයා හම්බුනේ මට...ඉතින් ඔයාලා තරම් වාසනාවන්ත දරුවෝ ඔයාලා....
මගේ ලොකු පුතේ ඔන්න අප්පච්චි පන ටිකනේ මගේ රත්තරන් මගේ රත්තරන් ලොකු වෙලා අප්පච්චි වගෙම ආදරණිය මනුස්සයෙක් වෙන්න ඔනේ හරිද මගේ මැණික...මල්ලි නංගි බලාගෙන ලස්සනට ජිවත් වෙන්න ඔනේ ....අම්මා ඔයාල්ට හරි ආදරෙයි මගේ පුතේ
මම කුසේ ඉන්න පැටවුන්ට වගෙම මගේ අතේ ඉදන් කිරි එක බිබි ඉන්න ලොකු පුතා එක්ක කතා කර කර හිටියේ මගේ හිත දැන් නිදහස් නිසා...එයා ටවුන් එක ගියේ එයාට හදිසි වැඩකට යසි අයියා හම්බෙන්න ඔන කියලා...
ඒ හැමදෙම අස්සේ මට මතක වුනේ මම මේ ඉන්නේ මට මේ ලොකේ වැඩියෙම ආදරේ කරන කට්ටිය එක්ක නේද කියලා...මට මතකයි චුටි කලේ මම අපේ අප්පච්චි අංකල්ට සේනේ කියනකොට මමත් සේනේ ....සේනේ අප්පච්චි කියනවා...අංකල් කියලා ඒ කාලෙවත් කිව්වේ නැ මම..
මහාත්තයාගේ අම්මාට මම කිව්වේ සේනේගේ නෝනේ කියලා ..හී...මම පුංචි කාලේ හෙන කට කාරයා..ඒ කාලේ මතක් වෙනකොටත් මට සතුටුයි අනේ...අනේ අද මගේ අප්පච්චි හිටියානම් එයා තරම් සතුටු වෙන කෙනෙක් තව නැති වෙන්න තිබ්බා මන් දිහා බලලා...
"අම්මා ....ඔයා මොකද කරන්නේ...."
දරුවා නිදි කරලා මම කුස්සියට ආවේ අම්මා හොයාගෙන...
" මගේ පොඩි පුතාට මම පොඩි කෑම හදනවා..."
"මොනවද අනේ හදන්නේ...."
"හැදුවට පස්සේ බලන්න ...බලන්නකෝ ඔයා ආසම කෑමක්..."
"එයාට විතරද දරුවනේ අප්පච්චිට නැද්ද......අම්මා..."
එයා ඇවිත් ....මගේ නලලට හාදුවක් තියලා එයා ගියේ අම්මා ගාවට..අම්මෝ ඒ හුරතලේ....
YOU ARE READING
blessing for me ✅
Fanfictionහැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර...