විසි එක්වන ස්වරය ♥ 🔞

Start from the beginning
                                    

පාරවල් නම් බලන්න ආසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාරවල් නම් බලන්න ආසයි...පාරවල් දිගට පහන් වැටවල්...පුදුම ලස්සනක්...බෙග් මාස්ටර්ගෙ , අමරදේදේව සර්ගෙ , වික්ටර් ශර්ගෙ කට හඬවල් එක එක පැත්තෙන් ඇහුනේ අමුතුම භක්තිමත් හැඟීමක් හදවතට කාන්දු වෙද්දි.

.........................................................................................................................

"හමුවිය ඈ නෙතු බැඳුනිය සෙනෙහස
මන්මත් විය ඇය දෙවඟන විලසින
ඇගෙ නෙතු රා ගිනි කැල්මෙන් ඇවිලිය
ගත සිත සෙනෙහස් හැඟුමින් ඇවිලිය"

බට්ටෙක් පිරෙන්න සෙනඟ එක්ක අපි ආවා වෙසක් බලන්න...අපි ටිකක් කලින් ආව නිසාද මන්දා දන්සල් එහෙම තවම පටන් අරන් තිබුනෙ නෑ...ඒ නිසා අපි කෙලින්ම ආවේ ඉසදින් ටවුන් අනෝමාරාමයේ වෙසක් කලාපෙට...තැනක සුදෝ සුදු ඇඳගෙන පුන්චි බට්ටො ටිකක් භක්ති ගීත කියනවා...තව තැනක රූකඩ පොලක්...තව තැනක් මොකක්ද නාට්‍යක්...වෙසක් කූඩු ප්‍රදර්ශනයකුත් තියේ...ඉතින් කෝම කෝම හරි අපි මුලින්ම ආවෙ ලොකු ශාලාවක තිබුනු පහතරට කලා අංග ප්‍රදර්ශනය බලන්න...අපි ඇතුලු වෙද්දිම අපිට ඇහුනු කවිය තමා ඔය මම මුලින් කිව්වෙ...

"දල කුමරුන් ලොබයෙන් ගිරි කුමරිට
වින්ද සෙනෙහෙ බැරිවිය අත් හරිනට
නින්ද නොලැබ රෑ දිනයක් එහි සිට
යන්නට සිත්විය කුමරි දකින්නට."

"මොකක්ද ශුඩු මහත්තයා අර නටන නැටුම..."

"ආ ඒක ගරා ගිරි නැටුමක් බබා...ඔරිජිනල් එකම නෙවෙයි...නිර්මානාත්මක එකක්."

"අනේ ඒ මොකක්ද."

"ඒක ආදර කතාවක් ...හැබැයි ටිකක් අමුතු එකක්."

"කියන්නකො ඒයි..."

"හරි සේරටම කලින් ඔය ඔතනින් ඉඳගන්නකො."

තත් 🔞Where stories live. Discover now