モㄗ. 10

81 8 0
                                    

අද චූටි ඉස්කොලෙ යනව කිව්වනේ... දැන් ගිහිල්ලත් ඇති... මට‍ වේලාසනින් නැගිටින්නත් බැරි වුණානෙ... කොහොමත් උන්ගෙ Big match එකත් තියෙනවනේ... අපෙත් තියෙනවා... ඊට‍ කලින්නෙ මේක තියෙන්නේ... දැන් ඉතින් ආයේ මැරෙන්න වෙයි...

අද ඒ මදිවට Chemistry class තියෙනවත් එක්ක... යන්නත් කම්මැලියි අනේ...

"ලොකූ... නැගිට්ටද??? මම tea එක හදල තියල ඇත්තෙ පැටියෝ... ඒක බොන්න... අද class තියෙනව කියලත් අක්ක කිව්ව... "

"ඔව් aunty... මං නැගිටල ඉන්නේ..."

"හරි පැටියෝ... දැන් මට‍ යන්න ඕන... Ready වෙලා class එකට යන්න... 8.30 ට නේ??? Class එක කොහෙද තියෙන්නෙ කියල දන්නෙ නෑනේ??"

අම්මටසිරි!!! Class එකට යන්න කලින් පාර දැනගෙන ඉන්න ඕනනේ... සිරාවට මං පාර දන්නෙ නැතුව ගිහින් අතරමන් වුණොත් අපෙ අම්මට නිල්පාට ඇස් තියෙන ලොකු පුතාව නැති වෙනවනේ... අපෝ කීයටවත් ඒම වෙන්නෙ නෑ!!!

"ඒකනෙ aunty... "

"ඔයා අර අපේ ගෙදරට එන පාරෙ මුලින් ම හම්බෙන ගේ තියෙන්නේ... අර ලොකු අරලිය ගහක් තියෙන ගෙදර....අන්න එහේ නංගි එක්ක class එකට යන්න... එයා එහෙම නරක ළමයෙක් නෙවෙයි...."

නරක ළමයෙක් වුණත් හොඳ ළමයෙක් වුණත් මොකද... Class එකට යා ගන්නනෙ ඕන...

"හරි හරි..."

ඊටපස්සේ ඉතින් Deena aunty එයාගෙ car එකෙන් නොපෙනී යනකන් ම මම වැරෙන්ඩා එකේ ඉඳන් බලන් ඉඳලා ගේ ඇතුළට ගිහින් දොර වහගත්තා... දැන් ගෙදර කවුරුත් නැති නිසා ටිකක් පාළුයිත් වගේ...
Class යන්න ඕන හින්ද ගෙට ගිය ගමන් ම towel එකත් අරන් bathroom එකට පැන ගත්ත...
තප්පර ගාණකින් wash එකක් දාගෙන ආයෙත් මගේ room එකට ඇවිත් cupboard එකෙන් කළු පාට baggy T- shirt එකකුයි, side pocket trouser එකකුයි ඇඳගෙන වම් අතේත් කළු පාට ම smart watch එකයි, තව‍ කළු bangles වගයකුයි දාගෙන සුදු deck දෙකත් දාගෙන කොණ්ඩෙත් පැත්තට හදල gardenia perfume එකත් ගහගෙන මගේ බෑග් මල්ලත් කරේ එල්ලගෙන සුබ මොහොතින් එළියට බැහැල දොර ආයෙම වහල key එක wallet එක ඇතුළට දාගත්ත... අද මං මෙහේ class යන මුල් ම දවස හින්ද කොහොමත් වේලාසන යන්නත් වෙයි...

Deena Aunty මට අර නංගි එක්ක class එකට යන්න කිව්ව හින්ද මම ගෙදරට එන lane එකේ දිගට ම ඇවිදගෙන ආවා... මේ තියෙන්නේ!!!
මං ගේ ළඟට ගිහින් auto door එක ළඟ තිබුණ bell එකේ button එක press කළා... එතකොට ම auto door එක open වුණා...

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now