දඬු මොණරු 8

Start from the beginning
                                    

අම්මෝ තුහින සර්ට නම් ගගනගාමියව ආයෙත් අහු උනොත් ඩෙවල් දාන සීන් එකක් තමයි තියෙන්නේ.

"චවික නම් කිව්වෙ ඒ අයියගෙ හැටි ඒ කියලා"

"ඊයේ අපේ බෝඩිමටත් ඇවිත් අයියලාට චරිත සහතියක් දීලා ගියේ "

ඒ ටෝන් එකේ හැටියට නම් ගගනගාමියට කලින් හිච්චි රොයිටරේ බිම් මලගෙන් හොඳ කෑමක් කයි වගේ......



"නේත්‍ර අපේ අම්ම කිව්ව ඔයාවයි මල්ලිවයි බලන්න ඕන කියලා, ඔයාලගේ අම්මයි අපේ අම්මයි ඉස්කෝලෙ ගියේ ආවේ එහෙම එකටලු, ඒ දෙන්න හොදම යාළුවෝ"

කෑම කාලා ඉවර වෙලා අත හෝදන්න ටැප් එක ළඟට යන ගමන් හසා එහෙම කියද්දි මං පුදුම උනා. අම්මගෙ ගමේ යාලුවෙක් එක්ක කතා කරන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද.

"ඔය ඇත්තමද"

"ඔව්, අද අම්ම ගෙදර, ඉස්කෝලෙ ඉවර වෙලා යද්දි එනවද"

"හා මං එන්නම්, අම්ම අද ගෙදර කියන්නේ වෙනදට රස්සාවක් කරනවද"

"තේ දළු කඩන්න යනවා, රබර් කට්ටියේ කිරි කපන්න යනවා, ඒවා තමයි ඉතින්. දවසෙ වියදමයි, අපි තුන් දෙනාගෙ ඉගෙන ගන්න දේවල් එහෙම ඔක්කොම එයා එපැයි කරන්න"

අපිත් තාත්ත නැති උනාම ඔය වගේම අසරණ උනානෙ.

"වෙන කව්ද ගෙදර ඉන්නෙ"

"නංගියි, මල්ලියි, මල්ලි නවය වසර නංගි
හතර වසර"

අපි දෙන්න කතාවෙන් කතාවෙන් අත් හෝදගෙන ටැප් එක ළගින් එද්දී අපේ ඉස්සරහට ආවේ මානවී අක්ක,එයාගෙ යාලුවො එක්ක.

"නේත්‍ර, ආ..."

"මොනවද"

"පොඩි කෑමක් අනේ"

එයා බලෙන්ම මගෙ අත අරන් ඒ උඩින් තිබ්බෙ නෙල්ලි ගෙඩි වගයක්.

"ඔයාට නොදී මෙයාට කන්නත් බෑ කිව්වනේ"

ඒ අස්සෙන් ඒකිගෙ යාළුවෝ එනවා තෝල්ක කම් කරන්න.

"ඔන්න ඕක විසික් කරපන්, ඕකි දෙන කෑම කාලා තොට දිරව ගන්න බැරි වෙයි"

කෑම කාලා ඉවර උන ගමන් කොහෙද මන්දා අතුරුදන් උන චවියා එක පාරටම කඩා පාත් වෙලා එහෙම කියාගෙන මගේ අතේ තිබ්බ නෙල්ලි ගෙඩි ටික බිමට දැම්මෙ මානවී අක්ක පුපුර පුපුර අපි දිහා බලද්දි.

දඬු මොණරු Where stories live. Discover now