episode 04

16 3 9
                                    

අද නත්තලට පහුවෙනිදා..
නිවාඩුවත් ඒ හැරිල මෙහෙ බලනකොට ගෙවිලා ගිහින්....
නත්තලේ සිරිය නම් එහෙම මැකුණේ නෑ ..පරිසර සංවිධානයකින් ඇවිත් වෙරලේ තිබුන ප්ලාස්ටික් බෝතල් එකතු කරල කේතු හැඩයට කම්බි ඇදල එල්ලල හදපු නත්තල් ගස් තුනක් වෙරලට නත්තල් ගෙනාවා ...
රෑට ප්ලාස්ටික් බෝතල් නත්තල් ගහට ලයිට් සෙට් කරල පත්තු වෙද්දි ඈතින් තිබුන පල්ලියේ මෙහෙය ඇහෙද්දි ඒක හෙන මාර ලස්සන feeling එකක් වුනා...

      නත්තලට හදිසියේ ම පොඩි නෝට් එකක් වත් නැතුව යවපු සතීශ්ගෙ නත්තල් තෑග්ග මෙලහකට නුවරට ගිහින් ඇති .මම බලන් උන්නා ලියුමක් එනකන්. හිතුන විදිහට ම ආවා පව් ඒකා speed post දාලා ..
ලියුම එලියේ බංකුවට වෙලා කියවන්න හිතුනත් මම ඇතුලට ආවේ මුහුදු හුලං සැර හන්දා. ගෙදර තාමත් නත්තල් කලබලේ. තාත්තගෙ යාලුවෝ එනව එනව ඉවරයක් නෑ .නංගිත් එයාගේ යාලුවන්ගෙ ගෙවල් වල පාර්ටි වලට ගිහින්...
මම කාමරයට ආවා ...

ලියුමක් කිව්වට මේක පොඩි පාර්සලයක්. මම හෙමින් සීරුවේ ඔතලා තිබුන කවරය ඉරුවා..
ඒකෙ තිබුනෙ ලියුමක් එක්ක නත්තල් සුබපැතුම් කාර්ඩ් එකක්. ඒක සතීශ් ම හදපු එකක් වග දැනෙද්දි මම ලියුමට කලින් ඒක අතට ගත්තා...
සුදු පාට කාර්ඩ් එකෙ තද රතු පාටට කොල පාටට තීරු දෙක තුනකින් ඇද නැතුව ලස්සනට එයා ෆ්රේම් එක ඇදලා තිබුනා. උඩම කෙලවරේ නත්තල් සීනු දෙකක් රත්තරන් පාට ජෙල් පෑනකින් ඇදලා ...ඊටපස්සේ ඒකට රත්තරන් පාට දිලිසෙන කුඩු තවරලා..
කාර්ඩ් එකෙ මැද ට වෙන්න එයා නත්තල් ගහක් පේන්ට් කරල තිබුනා. ඒකටත් කොල පාට දිලිසෙන කුඩු ඉහලා..තව තද කලු  වැල් අකුරින්  merry Christmas කියල ලියලා තැනින් තැන පාට පාට චූටී තරු ,තිත් , හාර්ට් ඇදල තිබුනා ..
ඒක මාර ලස්සනයි අප්පා ...
එහා පැත්තේ තිබුනෙ රතු පාට, කොල පාට stik note දෙකක් පැත්තට එකට අලවලා රතු තද පෑනකින් ලියපු නෝට් එකක්...

_________________●

සුබ නත්තලක්...
ජීවීතේ ඇතැම්
කාලයක සැබෑම
නත්තල් සිරිය
කැන්දන් ආව
හිත මිතුරාට...

        මෑත දිනයකදී
  නැවත මුණගැසෙන තුරා
මා වෙනුවෙන් පානම
වෙත පිය නගන්න
මට නෑසුනද කැරොල්
ගීයක් කියන්න
මතක් කරල ජේසුට
මම එනව කියන්න ...

You've reached the end of published parts.

⏰ Last updated: Mar 01 ⏰

Add this story to your Library to get notified about new parts!

love letters Where stories live. Discover now