モㄗ. 08

99 8 0
                                    

කොහොමත් අද ම හම්බුන අයියල set එකක් වුණත් ලොකු වෙලාවක් යන්න කලින් මාත් එක්ක මාර ම fit වුණානේ... ආදිට වැඩි කොටසක් ම යාලුවොන්ට කියල ඉන්නෙ අයියලනේ... ඒක ගැනත් ඉතින් එක අතකින් අමුතුම මෙව්ව එකක් මටත් තියෙනවා...
                    
                     ආයෙත් ඉතිං කාමරේට ඇවිත් මහ වෙලාවක් යන්නත් කලින් ම සුර ලෝකෙකින් බැහැල ඇවිත් තියෙන ඩබලක් කාමරේ දොර අරගෙන ඇතුළට ආවා.. එක්කෙනෙක් කොණ්ඩේ උඩට කරල හදලා pine green coat එකක් දාල, වම් අතේ දබර ඇඟිල්ලෙ කළු පාට ring එකක් දාගෙන හිටියෙ... ඒ නෙතඟ අයියා...
                             දැන් අනිත් එකා!!! ඌනෙ ඉතිං මේ partyයෙ main character එක... කොහෙමත් ඉතින් එයා ගැන කියන්න නම් ඇත්ත ම කිව්වොත් මගෙ කටට වචන ආවෙත් නෑ... මං හිතන්නේ කොච්චර වෙලවක් මං එයා දිහා බලන් හිටියද කියල කියන්න තරම්වත් සිහියකින් නෙවෙයි මං හිටියේ... එයත් කොණ්ඩෙ උඩට කරල හදල තිබුණෙ... කළු පාට ටීක් බෝල ඇස් වැහෙන්න දුඹුරු පාට lenses දාල... ඒ දුඹුරු පාට ඇස් මගේ ලා නිල් පාට ඇස් වල ඇතුළට ම කිඳා බැහැලා වගේ දැනුණේ... ඒත් දුඹුරු පාට ඇස් අස්සෙ හංගගෙන ඉන්න ඒ කළු පාට ටීක් බෝල අස්සෙ පොඩි වෙලාවකට වුණත් හරිම අහිංසක බැල්මක් එක්ක තව‍ මොකක්දෝ දෙයක් තියෙනව... Ohh! ඒත් ඇයි ඒ දුඹුරු පාට??? නෑ දුඹුරු පාටත් ලස්සනයි සුදු හින්ද... කොල්ලා පොඩියට make-up එකකුත් දාල ද කොහෙද lips දෙක තැඹිලි පාට වෙලා... වැඩි වැඩ දාන්න ගිහින්නේ...

එයා ඇඳගෙන හිටියෙ ටිකක් steel blue colour coat එකක්.. ඒකෙ දකුණු පැත්තෙන් හීනි රත්තරන් දම්වැල් දෙකක් එල්ලලා ඒකට ම match වෙන trouser එක..., තව‍ වම් අතෙත් gold watch එකක් බැඳලා... Shoes දෙක ගත්තොත්.. මාර ම shine එකක් තියෙන්නේ... අලුත් ම දෙකක් වෙන්න ඇති...
                                      එක අතකින් හොඳ වෙලාවට අරූෂ් අයිය මාව උඩට එක්කන් ආවේ... නැත්නම් ඉතින් ඌත් කට්ටක් කන්න එපැයි... | ohh!! අල්ලස් දෙන්න අමතක වුණා නේ?? කමක් නෑ ඉතින් මූ මගෙන් ඒක ගැන ආයේ ඇහුවෙත් නෑනේ... එහෙම අල්ලස් දෙන්න අමාරුවකුත් මට නෑනේ... මතක් වෙන වෙලාවකට ඇවිත් ඉල්ලයි කියලා මාත් ඉතින් side ගහල හිටිය...
                                             ඔය සුරලෝකෙන් බැහැල ආවයි කිව්ව දෙන්නා... මාවයි, අරූෂ් අයියවයි දැකල ඇසුත් උඩ ගියාද කොහෙද...

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now