CHAPTER 11

195 20 32
                                    

කට්ටිය එහෙ මෙහෙ යන සද්දයි කුස්සියෙ උයන සද්දයි එක්ක මට  ඇහැරුනා..හම්මෙ පැය තුනක්වත් නිදාගත්තෙ නැද්ද මන්දා...අතපත ගාලා ෆෝන් එක හේවත් අතට අහුන් උනේ නෑනෙ..කෝ.අප්පා මේක...මන් එක පැත්තක් හැරිලා කොට්ටෙ අස්සට අත දාලා නැති හින්දා අනිත් පැත්ත හැරුනා...මුන් ඔක්කොම නැගිට්ලද මට කලින්....කවුරුත් නෑනෙ...මට එහාපැත්තෙ හැරිලත් ෆෝන් එක හොයද්දි යන්තන් අතට අහු උනා..එව්ව්ව්..තිසරු ලමැද මගෙ ෆෝන් එක කොට්ටෙ ආසෙ තියගෙනද නිදන් තියෙන්නෙ..මුගෙ බරට මේකෙ ඩිස්ප්ලේ ගිහින් නැ පුදුමයි.එක අතකට මේකෙ ඉතින් ඩිස්ප්ලෙ යන්න දෙයක් නැන්නෙ...මට ඉතින් කෙලින්ම තියෙන්නෙ spiderman edition  ෆෝන් එකක්..හැමෝටම නැ ඉතින් ඕවා.

හයයි විස්සයි...ම්ම්ම්..නැගිටින්නත් ඕනෙද අනේඒඒඒඒඒඒඒඒඒඒඒ.....ඒ උනාට ඒ පැය ගාන හොදට නින්ද ගියා මට..මන් නැගිටල ශීට් ටිකත් නමාගෙන කාමරෙට උස්සන් ගිහින් අර හතරදෙනාව හොයන් ගියා..කොහෙ ගිහින්ද මන්ද..

අත් දෙක දිගෑරලා හතර අතටම නැමිලා හිරි ඇර ඇර මන් මුලු සාලෙමයි එලියෙ හට් එක පැත්තෙයි ඇස් යැව්ව..කොයි අප්පාහ්

බැරිම තැන මන් කුස්සියට ගියා එහෙ වත් ඉන්නවද බලන්න..

"සුදු අක්කෙ...."

"අහ් නැගිට්ටද උබ..මරු පුතන්ඩියා...අර ලමයි නැගිටලා කොයි වෙලේද..කාගෙ අම්මගෙද දානෙ කියල සැකයි මට.."

"උදේම කියවන්න එපා අනෙ...ලොකු නැන්දෙ තේ නැ"

"වතුර එක ලිපෙ කොල්ලො..මූනත් හොදගෙනම එන්න.නැත්තන් බාතෲම් පෝලිමේ ඉන්න වෙයි"

"හා..කො අර කට්ටිය"

"ආන් මූන හෝදගෙන කට්ටිය පිරිකර ටික හදනවා සීයගෙ කාමරෙ"

"ඔහ්"

මුන් යකො.ඊයෙමයි අපෙ ගෙදර ආවෙ..හරියට හැසිරෙන්නෙ අවුරුදු ගානක් ඉදන් දන්නවා වගෙ...අඩෙ අද ස්කොලෙ දවසක් නේද..ස්කොලෙ.යනෙ නැද්ද දන්නැ තුන්කට්ටුව.

මන් කාමරේට ගිහින් ටවල් එකත් අරගෙන සීයගෙ කාමරේට ඔලුව දාලා බාත්රූම් එකට ගියා...ඇයි උන් මන් එනව දැකල අමුතුවට හිනා උනා..තිසරු ලමැදත් මහ මොකාද වගෙ බැලුවෙ..පොඩ්ඩක් නිදාගත්තා කියල ඔහොම බලන්න ඕන්නැ නෙ...නෙහාන් අයියා නැති නිසානෙ මෙ ඔක්කොම.හිටියනම් ය මොකෙක්වත් මාව විහිලුවට ගන්නෙ නැ..උබ කොහොමද එහෙම කියෙන්නෙ.මන් දන්නවනෙ ඒකයි.අනෙ මෙ.නිකිත්..ඇයි මොකද..රෙද්ද මට එපා වෙනවා මෙ හිතත් එක්ක..

•||...නුඹ හා...||•Where stories live. Discover now