CHAPTER 02

502 52 10
                                    

එපාම කරපු ස්කොලෙ දවසක් ඉවර වෙලා මන් මෙ බස් එකේ එනගමන්..මේවගෙ පුදුම සෙනගක් නෙ යකො.හොද වැඩෙ කම්මැලි කමට මාකට් එක ලගට ගිහින් නගින්නැතුව මාලිගාව ලගින් නගිනවට..වැව රවුමෙ ස්කොලෙ ඔක්කොගෙම ලමයි පුරවගෙන මෙතනට එනකොට ඉත්න් හැමදාම වගෙ ෆුට්බෝඩ් තමයි

ඔය මල්ලිලා ෆුට් බෝඩ් එකෙන් උඩට නගින්න.
අපො උදෙ ආපු බස් එකම නෙද මෙ..මෙ කොන්දා ගෙ නම් පෙනිමෙ අවුලක් තිඑනව මන් හිතන්නෙ..ඉඩ හදල දීපන්කො උඩට යන්න..අපි මෙ ආසවෙන් මේකෙ යනව කියල හිටතන්නෙ මු..මොන දෘශ්ටිකත්වෙද දන්නැ තියෙන්නෙ...අවතල කාචයක් දන්න වෙයිද උත්තල එකක් දාන්න වෙයිද..ඒයියා...මොකද මෙ ෆිසික්ස් මගුල් හිතන්නෙ..අප්පිරියයි හලො මට ඔයාව..අනෙ පලයන් යන්න.

ඔන්න ඉතින් ඩර්‍යිවර් අන්කල් කෙලගෙන යන්න පටන් ගත්තා..වැව රවුමෙ අල්ලන බැරි උන ටික මු මෙහෙන් අල්ලනව..අයියො අද නම් විසික් වෙනව ශුවර් එලියට.ඒ අස්සෙ බැග් එකත් ගැලවෙන්න්න එනව..

"මල්ලි මෙ බැග් එ.."

අම්මට හුඩු යකො.මොනවද මන් මෙ දකින්නෙ..පිටිපස්සහ හිටපු එකාට බැග එක උඩට දන්න කියද්දි මු කෙල්ලෙට හේත්තු ජැක් එකක් ගහගෙන මල් කඩනව.මුන්ට බස් එකෙන් වැටිල මැරුනත් කමක් නැ ලව් කරන්න තියනව නම්. .අනික මේකි මොකද මෙ කොල්ලො අස්සෙ පස්සහින් නැගලා.ඒයියා..හරිම අසෝබනයි.හරිම අවිනීටයි..මන් ඉක්මනට අනිත් පැත්ත බලාගත්තා.බෑග් එක මන් ගාවමතිබ්බ දෙන.
ඇත්තමයි මන් කියන්නෙ 2000න් පස්සෙ උන නෙමෙයි මෙ සිගිති පාතාලෙ වගෙ  උන්ගෙ වැරද්ද්ද කිව්වනම් හරි..අපි හොදට ඉන්නව යකොව.ඒයියා..ඉක්මනට යන එකම හොදයි මෙ බස් එක.
.
.
.
.
.
.
හම්මො ගෙදර  දැක්කම දැනෙන සතුට කියල.නිම කරන්න බැ..ගිහින් හොදට කාල බීල.නිදාගන්න ඔනි අද වෙච්ච ඔක්කෝම අමතක කොරන්න..මන් ගේටුට්ව එහාපත්තෙ තියෙන පොඩි ඉඩෙන් රින්ගල ආව ඇතුලට. ගේට්ටුව ඇර ඇර ඉන්න කම්මැලි අනෙ.අපෙ තාත්තා නම් බනිනව මා රින්ගලම එතන ලොකු වෙලා.කියල..ඉතින් අනෙ කම්මැලි නෙ...

"මන් ආවා...."

..මට ආසයි වද්දගන්න තිස්තුන්දා....

සියා සාලෙට වෙලා රේඩියො එකෙ සින්දුවකුත් දාගෙන නිදි හොදට..පුදුම වින්දු මේවා.වෙන සීයල නම්.බනක් අහගෙන ඉන්නෙ දවසම.ඒකට අපෙ සීයා...දවසම කරන්නෙ සින්දු අහන එක.අපි ඉතින් ඕන මගුලක් කරගන්න කියල ඉන්නව.අපිට මොකො එයාට හොද නම්.මන් සීයගෙ කනට පිබල ශේප් එකේ කාමරේට දිව්ව..

°_නුඹ හා_°Where stories live. Discover now