"මං දන්නෙ නෑ ඕවා..."

"දන්නෙ නැත්නම් ඉසුකයට සනීප වුණා ම උගෙන් ම ගිහින් අහගනින්... ඇත්තටම තමුසෙ මොනවද බන් අපෙ අයියත් එක්ක අච්චර කතා කළේ???"

"මන් ද???"

"ඔව් තමුසෙ තමයි!!! මොනවද බන් කතා කළේ??? මටත් කියපන්කො ඉතිං..."

අර... කේලම් අහනවා... අරූෂ් අයියෙ තමුසෙත් ඇත්තට....

"මං මොනවත් කතා කළේ නෑ!!! අන්න නෙතඟ අයියා... කොහොමද දන්නෑ භාතිය අයියට..."

මං shape එකේ අරූෂ් අයියගෙ කතාව මග ඇරිය... දෙවියොන්ට පෙනිලද කොහෙද මං පත් වුණ අපහසුතාවය...

"අයියෙ භාතිය අයියට කොහොමද දැන්??? ලොකු ප්‍රශ්නයක් නෑනේ???"

"නෑ මල්ලි එහෙම ලොකු අවුලක් නෑ... ඒත් එයා එක පාරට ම shock වෙලා තියෙන නිසා තාම සිහිය ඇවිත් නෑ... සිහිය ආවත් තව දවස් දෙකකින් වගේ discharge කරනව කිව්වෙ..."

"ආ නෙතඟයා... අරූට අවුලක් නෑනේ??"

"නෑ බන්... තාත්ත කිව්ව දවස් දෙකකින් වගේ discharge කරන්න පුළුවන් වෙයි කියල..."

"ඔයාලගෙ තාත්තා doctor කෙනෙක්ද???"

"ඔව්..."

නෙතඟ අයියගෙ තාත්තා Doctor ලුනේ... එයා තමයි දැන් භාතිය අයිය in charge ඉන්නෙ...

"මල්ලි මේ, උඹට අපි මාර ම කරදරයක් වගේ නේ???"

"නෑ එහෙම නෑ..."

"ඒ අතින් බැලුවම ඔයා මාර හොඳයි... ආදිගේ ලැබීම තමයි... මටත් ඔයා වගේ කෙනෙක් හිටිය නම්... Thank you for everything..."

"ඇයි ඔයාට siblings ල නැද්ද???"

මං ඒ වෙලාවෙත් අනවශ්‍ය දෙයක් ඇහුවද මන්ද... නෙතඟ අයිය ආයෙත් මං දිහා බලලා ලාවට හිනා වුණා...

"නෑ... මං විතරයි..."

එයාට දුක හිතුනවත්ද??? එහෙම නැතුව ඇතිනේ...

"නෙතඟයා, මේ බලපං... මුගෙන් අහපන්කො අපෙ අයියත් එක්ක කියෙව්වෙ මොනවද කියලා... උඹත් එක්ක විතරනෙ එහෙමවත් කතා කරන්නෙත්..."

නෙතඟ අයිය ආයෙත් අහිංසක විදියට මං දිහා බැලුව... අනේ හොම බලන්න එපා අයියේ... ඒ බැල්මට නම් ආස හිතනව... Oops!!

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now