モㄗ. 02

162 12 0
                                    

අම්මයි, තාත්තයි ගියාට පස්සෙ මායි, චූටි මලයයි, Aunty යි ගෙට ආවා.

"ලොකූ, හරියට කතා කරන්නත් බැරි වුණා ඔයත් එක්ක... කොහොමද ඉතින් ඉස්කෝලේ වැඩ එහෙම හොඳට කරගන්නවනේ???"

"ඔව් aunty අවුලක් නෑ ඉතින් කෙරීගෙන යනවා."

"මට‍ අක්කා කිව්වා ලොකූ Grade 11 Third Term Test එකෙන් Section first කියලා..."

                අර මොන මගුලකටද අම්මා ඕවා කියන්න යන්නෙ... ඕවා මට නම් පෞද්ගලික දේවල්... මම නම් කොහොමත් කැමති නෑ පිට අය ඕවා දැන ගන්නවට... කමක් නෑ ඉතින් Deena Aunty එහෙම නරක නෑලු නේ... ඔය අපෙ අම්මගේ ගෙවල් පැත්තේ aunty ල වගයක් ඉන්නව ඕප ම හොය හොය මට‍ නම් පෙන්නන බෑ... ඊට‍ පස්සේ හූල්ලනව... ඊය... මතක් වෙනකොටත් අප්පිරියයි...

"ආ ඔව් Aunty... චූටි කොහාටද ගියේ???"

මාත් එක්ක ම ගෙට ආපු එකා මගෙ ඇස් දෙකටත් හොරෙන් ම අන්තරස්ධාන වෙලා... කොහේ ගියා ද මන්ද මේකා...

"අන්න කාමරේට යන්න ඇති... මොනවද homeworks වගයක් තියෙනව කිව්වනේ..."

මාත් ඉතින් Aunty ගේ කට‍ වචනෙට මලයාගේ කාමරේට රින්ගගෙන දඩාස් ගාලා දොර වහගත්ත.. මේකා මොකක් හරි මගුලක් අතේ තියන් ඉඳල මං එනකොට ම ඒක book shelf එක අස්සේ හැංගුව කියන්නකෝ...

"මොකක්ද බන් ඒ?? කෝ !!! මටත් කියපන්... මොකක්ද හැංගුවේ??? Phone එකක්ද?? කියපන් ඉතිං..."

"ඇයි රෙද්ද... උඹට ඕන්නැති මගුලක් නෑනේ... මේ ගෙදරට ආව නම් ඒ විදියට ඉඳපන්කෝ... විසාල කරදරයක් වුණානෙ මේක...!!!"

"දැන් එතකොට මං කරදරේ නේ??? හිටහන් මං aunty ට කියන්නම්..."

"ඒ ඒ මං විහිළුවක් කළේ... ලොකූ එපා... "

"එහෙනම් මට‍ කියනවකො මොකක්ද අර රාක්කෙ අස්සේ හැංගුවෙ කියලා..."

"ඒක ද? ආ-මේ-ඒක phone එකක්..."

"Phone එකක්?? ඉතින් ඕක ගැන කියන්න බය වුණේ ඇයි??? උඹට කෑල්ලක් එහෙම set වුණාවත් ද??? "

"ඔ-ඔ-ඔයා කො-කොහොමද එහෙම කියන්නෙ???"

"මේකනෙ bro... මං තමුසෙගෙ අයියා... ඉතින් මට ඕවා නොතේරෙනව කියලා හිතෙනවද???"

"ඒකත් එක අතකින් ඇත්ත තමයි..."

"හරි දැන් එතකොට ඔය කෑල්ල ලස්සනයි ද?"

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now